විදුහල්පතිවරයා කිසිදු වග විභාගයක් නැතිව නැහැදිච්චකම, සංවේදීකම ඔක්කොම යටපත් කර දරුවෙකු පාසලට ගැනීමේදී නම කපා දමා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
තමා විදුහල්පතිවරයාට දුරකතනයෙන් කතා කළ අවස්ථාවේදී ‘තමාට ගැහැවේ නැති එක විතරයි. ස්පීකර් දාලා පැත්තකින් තිබ්බත් සතෙක් වගේ බනිනවා. විදුහල්පති තනතුරට මේ විදුහල්පතිතුමා කොහෙත්ම සුදුසු නෑ.“ යැයි ඔහු සඳහන් කළේය.
ඉන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කලුතර විද්‍යාලයේ විදුහල්පතිවරයා හමුවීමට පැමිණි අවස්ථාවේ එම විදුහලේ ගේට්ටුව වසා තිබීම හේතුවෙන් ඔහු විදුහල ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වී තිබේ. පසුව එම විදුහලේ විදුහල්පතිවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් හමුවීමට අවස්ථාව ලබාදී තිබිණි.
එහිදී විදුහල්පතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මට ඔයාගේ ශෛලිය ගැලපෙන්නේ නෑ. මම ඕකට කැමති නෑ. ඉවසීමේ සීමාව ඉක්මවා ගියාම මම ඔය විදියට කතාකරනවා. මගෙන් ගුටිකාපු නැති එකෙක් නෑ. අගමැතිතුමත් ගුටිකෑවා මගෙන්. මම ඒක ලොකුකමකට කියනවා නෙමෙයි. ඒ ඉවසන්නම බැරි වුණා.“
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම පාසලට ඇතුළත් කර නොගත් දරුවා වෙනුවෙන් එම පාසලේ විදුහල්පතිවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවකින් පසුව එම දරුවා පාසලට ඇතුළත් කරගැනීමට කැමැත්ත පළ කර තිබේ. කෙසේ වෙතත් පසුගිය දා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මේ දිනවල වැඩිදෙනා කතා බහ කරන චරිතයක් විය.
එම වීඩියෝව පහතින් නරඹන්න....
Tuesday, May 10, 2016
Home
දේශපාලන පුවත්
'අගමැතිතුමත් ගුටි කෑව මගෙන්' - තෙවරප්පෙරුම පාසල ගොස් විදුහල්පතිට දොස් කියයි (VIDEO)
'අගමැතිතුමත් ගුටි කෑව මගෙන්' - තෙවරප්පෙරුම පාසල ගොස් විදුහල්පතිට දොස් කියයි (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment