උතුරු පළාතේ සිංහල, දෙමල, මුස්ලිම් දරු දැරියන් එකට ඉගෙන ගන්නා මිශ්‍ර පාසල් ඇතිකළ යුතු බවත් අධ්‍යාපනයෙන් අපට විමුක්තිය ලබා ගැනීමට පුළුවන් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ඒකාබද්ධ අණදෙන මුලස්ථානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පාලනය වන විශ්වමඩු පුහුණු කදවුර පිළිබද නිරීක්ෂණ චාරිකාවක් සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා සහභාගී විය.
එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය.
“පසුගිය කාලය තුල අපහට ලැබුනේ මරණය, වේදනාව, කදුල සහ විනාශයයි. ඒ යුගය කිසිම කෙනෙක් ජයග්‍රහණය කලේ නෑ. පසුගිය අවුරුදු 25කට අපිට සියලු දේ නැතිවුනා. දරුවන්ට තාත්තලා නැතිවුණා, බිරිදට තම ස්වාමි පුරුෂයා නැතිවුණා, දෙමවුපියන්ට දරුවෝ නැති වුනා. උතුරේ කාන්තාවන් 60,000ක් ඉන්නවා ස්වාමි පුරුෂයන් අහිමි ඔවුන්ට කිසිම හවූ හරනක් ආරක්ෂාවක් නෑ. මේ සියලු දේ අපි නැවත ගොඩ නැගිය යුතුයි.
බිදුණු පාලම්, පාරවල්, ගොඩනැගිලි ගොඩ නගනවා සේම බිදුණු සිත් ගොඩනැගීම දැන් කරන්නේ හමුදාවයි. අද අපේ හමුදාව අතේ ඇත්තේ තුවක්කුව නොව මේෂන් හැන්ද සහ උදැල්ලයි. එදා හමුදාවේ හිටපු ඔබ දැන් සිවිල් හමුදාවට එක්වී කටයුතු කරනවා. ඔබට පැහැදිලි වෙනසක් දැනෙනවා ඇති. ඔබ එදා කරන ලද රාජකාරියත් අද ඔබ කරන රාජකාරියත් අතර වෙනස ඔබට හොදින් දැනෙනවා ඇති.
දැන් ඔබ ඔබත් ජීවත් වෙමින් අන් අයත් ජීවත් කරවීමට උත්සහ දරනවා. අපේ රට දියුණු කරන්නත් යාපනය දියුණු කරන්නත් බොහෝ උපායශීලී විය යුතුයි. මේ කැඩුණු බිදුණු සියලු දෑ අපේ අත්වලින්ම නැවත ගොඩ නැගිය යුතුයි. මම ඔබ වෙනුවෙන් දුක් විදපු කෙනෙක්. දෙමල ජනතාවට බලය දෙන්න ඕන කියල 13 වෙනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒනිසා මට ගොඩක් කෙනෙහිලිකම් සිදු වුනා.
මම ඔබට උදවු කරපු නිසා මගේ ගෙදර බෝම්බ ගහලා කුඩු කළා. මට තුන්පාරක් වෙඩි තිබ්බා මගේ ප්‍රතිපත්ති වෙනුවෙන් බොහෝ දුක් වින්දා. සිංහල මිනිසුන් හා දෙමල මිනිසුන් සියලුම දෙනා ජාතිවාදීන් මිනිසුන් නෙමෙයි අපි අදිටන් කරගමු සියලු දෙනාම එකතු වී රට සංවර්ධනය කරා ගෙනයාමට.
කලවන් වීම යනු අබලන් වීම වගේ වැඩක් නෙමෙයි කලවන් වීම තුලින් තමයි හොද දේවල් බිහි වෙන්නේ. සිංහල දමිල විවාහය තුලින් සිදුවන්නේත් ඒ ටිකමයි. මේ රට ලෝකයේ උතුම්ම රට බවට පත් කරන්නට අපි වැඩ කල යුතුයි. හමුදාවේ උදවුවෙන් දැන් පෙර පාසල් හැම තැනම පැවැත්වෙනවා. එක ඉතාම හොද වැඩක්. මම යෝජනා කරනවා උතුරු පළාතේ සිංහල දෙමල මුස්ලිම් සියලුම දරු දැරියන් එකට ඉගන ගන්නා මිශ්‍ර පාසල් ඇතිකළ යුතුයි කියලා.
අධ්‍යාපනයයට ජාති ආගම් තිබෙන්නට බෑ. අධ්‍යාපනයෙන් අපට විමුක්තිය ලබා ගන්නට පුළුවන්. මම මේ සියලු විස්තර ඔබගේ මේ සාර්ථකත්වය ගැන ජනාධිපතිතුමා වෙත කියනවා. අප සියලු දෙන ප්‍රාර්ථනා කරන්නේ ජාති ආගම් කුල මල බේදවලින් තොර එක අම්මාගේ දරුවෝ වගේ එකට ජීවත් විය හැකි සුන්දර ලෝකයක්.
ආණ්ඩුකාරවරයා හැටියට මගේ යුතුකම තමයි සිංහල දෙමල මුස්ලිම් සමගිය ඇති කිරීම. ඒ වගේම මගේ යුතුකම තමයි මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභාවත් එකතු කරලා සංවර්ධනය කරන එක.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment