හිත සුවපත් වනුයේ ධර්මෙනුයි. ගත සුවපත් වනුයේ වෙදකමිනුයි. හිතයි, ගතයි දෙකම එකවර සුවපත් කරගැනුමට නම් ධර්මයයි, වෙදකමයි එක්විය යුතු බවක් ඉන් කියැවෙයි.
නිර්මල බුදු දහමත්, පවිත‍්‍ර වෙදකමත් එකතැන් කර රෝගීන් සුවපත් කරන යතිවරයෙක් දැන් ශාසනයට පහළව සිටියි. උන්වහන්සේ හැදින්වනුයේ පුජ්‍ය පණ්ඩිත විමලවාස හිමි නමිනුයි. ධර්මයත්, වෙදකමත් එක්ව කෙරෙන සිත, ගත සුවපත් කරනා කතාවයි.
ශ්‍රේෂ්ඨයි ගෞතම බුදුරදුන්ගේ වංශයේ ගෝලයෙක් වීම ගැන. ඒකට හේතු දෙකයි. එකක් බුද්ධ පුත‍්‍රයෙක් වීම. ඒ කියන්නේ ලෝක සත්තවයාගේ මනස සුවපත් කිරීම. ඒ ලොව සත්‍ය ධර්මයෙන්. එතකොට දෙවැන්න, ඒ තමයි ලෝක සත්තවයාගේ ගත සුවපත් කිරීම. ඒ සත්‍ය වූ දේශීය වෙදකමින්. ශ්‍රේෂ්ඨකම තවත් අර්ථවත් වෙන්නේ ධර්මයත්, වෙදකමත් දෙකම එකවර ක‍්‍රියාත්මක කිරීමෙන්.
විශ්වාස කරන්නත් අපහසුයි වගේද? මේ සාමාන්‍ය සුවපත් කිරීමක් නෙවෙයි. ඉතා පැහැදිලිව, ඉතා විශ්වාසවන්තව ධර්මය සහ වෙදකම එකට කලතා මිශ‍්‍ර කිරීමක්. එකයි ශ්‍රේෂ්ඨයි කිව්වේ. මේ අපේ පාරම්පරික වෙදකම. මම ඒ වෙදකම් ක‍්‍රමය අලූත් කළා. ඒ මෙහෙමයි. වෙදකමේ මූලික නියමයන් ආරක්ෂා කළා. ඖෂධ වල ඖෂධීය ගුණය රැුක්කාට වෙදකම් ක‍්‍රමය වෙනස් කළා.
මම රෝගීන්ට දෙන්නේ ඖෂධීය සිල්වත් පිරිත් පැන්. ඒක තමා ප‍්‍රතිකාරය. ටිකක් වෙනස් නේද? ඒ තමයි භාවනාවෙන් උපදවාගත් බලය. මේ බලය විශ්වීය බලයක්. ඒ කියන්නේ සොබාදහමේ බලය. මේ සොබාදහමේ බලය ඉස්සෙල්ලම හඳුනාගත්තේ බුදුරදුන්. ඉස්සෙල්ලම එක අත්හදා බැලූවේ බුදුරදුන්. මේ අපි හැමෝම දන්න කතාවක්.
මතකයිද බුදුරදුන් පටාචාරාවන්ට දේශනා කළා කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් රැුගෙන එන ලෙස. ඒ මියගිය තම දරුවන් සුවපත් කරලීමට. බුදු වදන අනුව පටාචාරා යන්න ගියා අබ සෙවීමට. අබ සෙව්වා. අබ ලැබුණා. ඒ කිසිවක් නොමළ ගෙයකින් නෙවෙයි. බුදුරදුන් පටාචාරාගේ හිත, ගත සුවපත් කළේ එහෙමයි. මගේ ක‍්‍රමයත් බුදුරදුන්ගේ ක‍්‍රමයමයි. උපදේශයමයි.
මතකද විශාලා මහනුවර තුන්බිය දුරු කළ ආකාරය. මොනවද ඉස්සෙල්ල බුදුගුණ කැවූ පිරිත් පැන්. ඒ දෙයම තමයි මමත් කරන්නේ. බුදුගුණ කැවූ පිරිත් පැනුයි, ඖෂධ සාරයයි එකතැන් කිරීමක්, මිශ‍්‍ර කිරීමක්. මම ඖෂධ හදාගෙන තියා ගන්නේ නෑ. ඒක වෙදකමේ නියමයන්ට අනුකූල නෑ. රෝගියෙකු පරික්ෂා කරලා ඉවරවෙලා තමයි ඖෂධ හදන්නේ. එකට ගන්නේ අලූත් ඖෂධ. ඖෂධ තෝරන්නේ මමමයි. කිරන්නේ මමමයි. ඖෂධ පවිත‍්‍ර කරන්නේ මමමයි. කොටන්නේ, අඹරන්නේ මමමයි.
මාත‍්‍රාව බලලා, බුදු ගුණැති පිරිත් පැන්වලට මිශ‍්‍ර කරන්නේ මමමයි. ඖෂධවලට මේ හැම කටයුත්තක් කරන කොට පිරිත් දේශනා කරන්නේ මමමයි. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. පිරිතේ බලයට ඖෂධවල බලයත්, ගුණයත් කාවැද්දීම. රෝගියාට කරන්න තියෙන්නේ එක දෙයයි. මම ප‍්‍රතිකාර විදියට නියම කරන ඖෂධීය පිරිත් පැන් නියම කරන මාත‍්‍රාවෙන් නියම කරන වාර ගණනට පානය කිරීම.
පිළිගත් මතය තමයි යම් රෝගයකට ඖෂධ කිහිපයක් දිය යුතුයි කියන එක. මේ කාරණයේදී ඒක ගැටලූවක් වෙන්නේ නැහැ. ඒ මෙහෙමයි. සමහර ඖෂධ වර්ග තියෙනවා එකට මිශ‍්‍ර කරලා තනි ඖෂධයක් විදියට පාවිච්චි පුළුවන් විදියට. ඒකෙම අනෙක් පැත්ත තමයි සමහර ඖෂධ වර්ග තියෙනවා එකට මිශ‍්‍ර කරන්න බැරි තනි තනි ඖෂධ විදියට පාවිච්චි කළ යුතු. ඒ දේ හරියටම අඳුරගෙන තමයි මම මේ කටයුත්ත කරන්නේ.
මේ බුදු ගුණැති වෙදකම මම කරන්නෙත් වෙනස්ම ක‍්‍රමයකට. මගේ ළග වෙද නළා නැහැ. බ්ලඞ් ප්‍රෙෂර් මැෂින් නැහැ. එන්නත් කටු නැහැ. මුත‍්‍රා, ලේ, කෙළ පරික්ෂාවල් නැහැ. එකම එක මැෂින් එකයි මගේ ළග තියෙන්නේ. මේ මගේ අතේ ඇගිලි. ඒකෙන් තමයි මම නාඩි බලන්නේ. නාඩි බලන ගමන් මම විශ්වයත් එක්ක එකතු වෙනවා. ඒක අධ්‍යාත්මික ගතවීමක්, බැඳීමක්. ඒ බැඳීම් හරි ප‍්‍රබලයි.
මොකද නාඩිය හෘදය වස්තුවේ ගැස්ම. ඒ කියන්නේ ලෝක සත්ත්වයාගේ පණ නල ගැස්ම ක‍්‍රියාත්මක වීම. මේක ජීවි ප‍්‍රාණයක්. මේ නාඩි ස්පන්දනය තමයි ලෝකයේ හෘද ස්පන්දනය. සොබාදහමේ ස්පන්දනය. මේ නාඩි බැලීමෙන් මම තේරුම් ගන්නේ ලෝකයේ, සොබාදහමේ ප‍්‍රාණයේ තරම තමයි මම රෝගියෙක් නාඩි බලලා පරික්ෂා කරනකොට භාවනාවකට සමවදින්නේ. ඒ බුදුරදුන්ගේ භාවනාවට.
බුදුරදුන් ඉස්සෙල්ලම සමවැදුණෙ සොබාදහමේ ප‍්‍රාණයට. ඒ ආනාපානා භාවනාවට. ආනා කියන්නේ හුස්ම ඉහළට ගැනීම. පානා කියන්නේ ඉහළට ගත හුස්ම පහළට ගැනීම. මේකෙන් කරන්නේ විශ්වයේ නාඩි ගැහීමත් එක්ක, සොබාදහමේ ප‍්‍රාණයත් එක්ක සම්බන්ධ වීම. මේ විදියට සම්බන්ධ වුනාම මට දැනෙන්නේ සොබාදහමේ ඒ මොහාතේ රෝගී තත්ත්වය. එතැනදී මට සොබාදහම කියනවා විශ්වීය රහසක්. ඒ මේ විදියට.
කිසියම් වූ හේතුවක් මත සොබාදහම, විශ්වය රෝගී වී සිටියි. රෝගී වූ සොබාදහම, විශ්වය සුවපත් කිරීමට විශ්වයේ, සොබාදහමේ නිර්මාණයන් වූ මෙම වර්ගයේ ඖෂධ ලබා දෙන්න. මෙන්න මේ විදියටයි මම ඖෂධ රෝගීන්ට ලබා දෙන්නේ. එතැනදී මට පිහිට වන්නේ වෙදකමේ ශිල්පීය ඥානය.
රෝගීන්ගේ අතේ නාඩි බැලිල්ලට අමතරව මම කරනවා තවත් දෙයක්. ඒ වේලාපත්කඩය බැලීම. වේලාපත්කඩය කියන්නේ විශ්වයට අලූත් ප‍්‍රාණයක් උපදිනකොට වෙලාවට විශ්වයේ පිහිටන රිද්ම රටාව. අවුරුදු කෝටි ගණනක් ආයුෂ ගෙවපු විශ්වයේ මේ හැම ලෝක සත්තවයකුටම වෙන්වෙච්ච ඉඩක් තියෙනවා. ඒ ඉඩ ප‍්‍රමාණය අති විශාලයි. ඒ විශාල ඉඩකඬේ ලෝක සත්ත්වයාට ඉඩක් ලබාදෙන රිද්මය තීරණය කරනු ලබන්නේ ග‍්‍රහ තරු රටාව.
ඒ කියන්නේ මේ සෞරග‍්‍රහ මණ්ඩලය. විශ්වයට ප‍්‍රාණයක් උපදින කොටම පිහිටන සෞරග‍්‍රහ මණ්ඩලයේ පිහිටි රටාව තමයි කේන්දරයට ගැනෙන්නේ. ඒ තමයි අපේ වේලාපත්කඩය. ඉතින් අපි අපලෙකට, ලෙඩකට දුකකට කේන්දරේ නැත්නම් වේලාපත්කඩය බලනවා කියන්නේ. යම් කෙනෙක් ඉපදුනු වෙලාවේ තිබිච්ච විශ්වයේ රටාව, බිහිවීම ගැන බලනවා කියන එකටයි.
ඒ කියන්නේ විශ්වයේ කේන්දරේ බලනවා කියන එකටයි. අතීතයේ ඒ පිහිටීමයි, වර්තමානයේ මේ පිහිටීමයි හඳුනාගෙන ඒ දෙක අතර තියෙන වෙනස හොයාගෙන ඒ වෙනසට බෙහෙත් කිරීමටයි කේන්දරේ බලනවා කියන්නේ. මොකද ලෝක සත්ත්වයා හැදිලා තියෙන්නේ මේ විශ්වයේ කොටස් එකතුවෙලා හින්දා. මේක තමයි ලෝක සත්‍ය.
වේලාපත්කඩය ඉතාම සුවිශේෂි යන්ත‍්‍රයක්. එක නියෝජනය කරනවා තනිකරම නවීන විද්‍යාව. නවීන විද්‍යා උපකරණ. වේලාපත්කඩය එක වෙලාවකට වෙද නලාවක්. අනෙක් වෙලාවට එක්ස්රේ මැෂිමක්. බ්ලඞ් ප්‍රෙෂර් යන්ත‍්‍රයක්. තවත් විදියකින් කිව්වොත් සි.ටි ස්කෑන් යන්ත‍්‍රයක්. වෛද්‍ය පරීක්ෂණාගාරයක්.
බුදුරදුනුත් සොබාදහමේ නිර්මාණයක්. ඉතින් මමත් සොබාදහමේ නිර්මාණයක්. රෝගිවෙලා ප‍්‍රතිකාර ගන්න මම ළගට එන රෝගියාත් සොබාදහමේ නිර්මාණයක්. බුදු බණ පදයක් අහන්න එන රෝගියාත් සොබාදහමේ නිර්මාණයක්. ඉතින් මම කොහොමද සොබාදහමේ නිර්මාණවලට කරන ප‍්‍රතිකාර වලට මිලක් නියම කරන්නේ. මිලක් නියම කරලා සල්ලි ගන්නේ. බුදු බණ දේශනා කරන්න සල්ලි අරගන්න පුළුවන්ද බෑ. අන්න ඒ වගෙයි මගේ මේ වෙදකම.
මේ වෙදකමෙන් කරන ප‍්‍රතිකාරවලට මම මුදල් අය කරන්නේ නෑ. අඩු ගානේ පඩුරක්වත් ගන්නේ නෑ. පින් පෙට්ටියකටවත් සල්ලි දාන්න මම අවසර දෙන්නේ නැති හින්දා මේ යෝගාශ‍්‍රමයේ පින් පෙට්ටි නැහැ. අඩුම ගානේ රෝගියාට ඖෂධ ගේන්නවත් ඉඩක් දෙන්නේ නෑ. ඒ තමයි මේ වෙදකමේ නියමය. යතිවර වෙදැදුරෙක් විදිහට පිළිපදින බුද්ධ උපදේශය.
මං ගාවට එන රෝගියෙකුට වෙදකම් කරන්න ඉස්සෙල්ලා මම කරන දෙයක් තියෙනවා, ඒ කේන්ද‍්‍රය බලලා එහෙම නැත්නම් උපන් දිනය, වෙලාව, නැකත, ලග්නය විමසලා රෝගියාට සම්පුර්ණ විස්තරයක් කිරීම. රෝගියාගේ සාමාන්‍ය ගති ලක්ෂණ කරදර බාධා වගේ දේවල්, ඒ අතරෙදි මම රෝගියාගේ ඉරියව්, හැසිරීම පරික්ෂා කරනවා. මේ දේවල් වලින් කරන්නේ රෝගියාගේ බාහිර, අභ්‍යන්තර ස්වරූපය හඳුනා ගැනීම. හේතුව තමයි ඒක ප‍්‍රතිකාරයේදී අතිශය වැදගත් වීම.
මගේ ප‍්‍රතිකාරය ඉස්සෙල්ලාම කරන්නේ රෝගියාගේ හිතට, දෙවනුව ගතට. හිතට කරන ප‍්‍රතිකාරයෙන් හිත සුවපත් කරවනවා. ඒ වචන හරහා. ඒ වචන හරි ප‍්‍රබලයි, වචන හරි සිල්වත්, වචන හරි ගුණවත්. ඒ වචන වලට බුදු ගුණ කැවිලා තියෙන හින්දා. යම් රෝගියෙක්ගේ හිත සුවපත් වුණා කියන්නේ ඒ රෝගියාගේ රෝගී තත්වයෙන් හරියටම භාගයක් සුව වුණා කියන එකටයි.
මම එහෙම කියන්නේ විශේෂ හේතුවක් උඩ, ඒ විශේෂ හේතුවට ඕන තරම් උදාහරණත් තියෙනවා. ඒවා පෙන්නලා දුන්නේ අපේ ගෞතම බුදුන්. හිත සුවපත් වුනාම ඉතුරු වන්නේ රෝගී වූ ගත. එතකොට ඒ රෝගී වූ ගතට බෙහෙත් කරන්න හරිම ලෙහෙසියි. ඒ බෙහෙත් පහනවා, රෝගියාට ඒක දැනෙනවා. ඒකයි විශේෂත්වය.
මගේ මේ වෙදකමට ජාති, ආගම්, කුල, භේද නෑ. ඒ වගේම පැය ගණන් උණු කරලා, පත අට එකට හින්දලා බොන කසාය වට්ටෝරු නෑ. බෙහෙත් ගුළි නෑ. කල්ක නෑ. බොන්න තියෙන්නේ ඖෂධ. ඖෂධීය ගුණය මිශ‍්‍ර කරපු පිරිත් වලින් පේවුණු පිරිත් පැන් ඖෂධ මිශ‍්‍රණය.
නාඩි ශාස්ත‍්‍රයත්, වේලාපත්කඩය බැලීම තුළින් කරන්නේ මුලික රෝග නිධානය, යහපත් පැවැත්මේ සිදුවුණු වෙනස්කම්, විකෘතිතා හඳුනා ගැනීම. ඒ තුලින් ඒවා පෙර පැවැති යහපත්, විකෘතිතා තත්ත්වයටම යළි පත්කිරීම.
කියන්න කනගාටුයි, අද මේ පාරම්පරික ශාස්ත‍්‍රය ගිලිහිලා ගිහින්. ඉතුරු වෙලා තියෙන්නේ වැඩිපුරම විකෘති වෙච්ච ශාස්ත‍්‍රය. ඒ අතරින් කිහිප දෙනෙක් පාරම්පරික ශාස්ත‍්‍රය තවමත් ආරක්ෂා කරනවා. ඒ විදියටම ප‍්‍රතිකාර කරමින් ඉන්නවා.
රෝගී, නිරෝගී හැම කෙනෙක්ම මෙන්න මේ දේ හොඳින්, තදබල විදියට හිතට ගන්න ඕනෑ, මේ නාඩි ශාස්ත‍්‍රය, මේ වේලාපත්කඩය, මේ පාරම්පරික වෙදකම එක්ක තියෙන්නේ විශ්වීය බැඳීමක් කියන කාරණය. මම යම් රෝගියෙක් පරික්ෂා කරනවා කියන්නේ මේ විශ්වයත් එක්ක මම බැදෙනවා කියන එකයි. ඒකෙ තේරුම මම ඒ රෝගියා එක්ක අධ්‍යාත්මිකව සම්බන්ධ වෙනවා කියන එකයි. එතැනදී මට ලැබෙනවා නිවැරදි පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි මම රෝගියාට කියලා දෙන්නේ. ඒක වරදින්න නම් බෑ කොතැනකවත්. ඒකයි ඇත්ත. විශ්වයේ සත්‍යය.
රිවිර පුවත්පතෙනි
Wednesday, May 11, 2016
නාඩි බලලා රෝගීන්ට අමුතු වෙදකමක් කරන වෙද හාමුදුරුවන්ගේ වැඩ මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment