පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා
සභාපති
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
ප්‍රිය සිරිසේන මහත්මයාණෙනි.,
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කළමනාකරණ සහ මෙහෙයුම් කටයුතු වලට අදාල කරුණු සම්බන්ධයෙනි
මා මේ ලිපිය ඔබ වෙත ලියා එවන්නේ ක්‍රියා පටිපාටිමය කළමණාකරණ සහ මෙහෙයුම් කටයුතු වලදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් අත් දකිනු ලැබූ දුර්වලතාවයන් පිලිබඳව අවධාරණය කිරීමත් ඒ පිලිබඳව ඔබගේ අවධානය යොමු කිරීමත් අපේක්ෂාවෙනි.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාවරයා ලෙස මගේ වගකීම් යටතට ගැනෙන ශ්‍රී ලංකා ටෙලිකොම්හි ක්‍රියාකාරීත්වයන් සහ ක්‍රියා පටිපාටීන්හිදී අනුගමනය කෙරෙන්නේ විනිවිද භාවයෙන් තොර විලාසයක් බවත් එසේම, විෂය භාර අමාත්‍යවරයා ලෙස සමාගමේ ක්‍රියා පටිපාටීන් පිලිබඳ කාලීනව මා දැනුවත් කරන ලෙස බොහෝ ඉල්ලීම් කර ඇති නමුත් එය මෙතෙක් සිදුවී නැති බවත් ඔබ වෙත කණගාටුවෙන් යුක්තව දන්වා සිටීමට අපේක්ෂා කරමි.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස මා අතිගරු ජනාධිපතිතුමන්ටත් ගරු අග්‍රමාත්‍යතුමන්ටත් කැබිනට් මණ්ඩලයට සහ අප නියෝජනය කරන ජනතාවටත් පිලිතුරු දිය යුතු වෙයි. මා තදින්ම විශ්වාස කරන්නේ බලපෑම් විරහිත නායකත්ව විලාසය තුල තියුණු සොයා බැලීමකින් තොරව නිදහසේ මෙහෙයුම් කිරීමේ බලයක් කළමණාකාරිත්වයට ලැබී ඇති බවය. කෙසේ වුවත් මෙම නායකත්ව ලක්ෂණයේ තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් වන පැහැදිලි සංනිවේදනය සහ වගකිව යුතු භාවය පෙනෙන්නට නැත.
මහජන මුදල් වැය කිරීම් වලට අදාලව ගැනීමට ඇති අධ්‍යක්ෂ මණ්ඩල තීරණ , ප්‍රධාන තීරණ සහ ව්‍යාපෘති පිලිබඳව සමාලෝචන-අගැයීම්, වෘත්තීය සමිති කරුණු සහ ඒවා නියුක්ති උපමාණ පිලිබඳව තොරතුරු මා වෙත ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදී මා විසින් ඉල්ලීම් කර තිබේ. එම ඉල්ලීම් නොසලකා හැර ඇති බව පෙනෙන්නට තිබෙන අතර මා මෙම තනතුරට පත් කරනු ලැබූ දා සිට මේ දක්වා මා වෙත ලැබී යුතුව ඇති බොහෝ කරුණු වලට අදාල තොරතුරු තවමත් ලැබී නැත.
සියළුම මෙහෙයුම් මූල්‍ය සහ කළමණාකරණ කටයුතු පිළිබඳ සලකා බැලීම සඳහා මා සමග මාසික සමාලෝචන සාකච්ඡාවක් සංවිධානය කරන මෙන් මේ මගින් මම ඔබට උපදෙස් දෙමි. එසේම සිදුවෙමින් පවතින සියළුම අධ්‍යක්ෂ මණ්ඩල කාර්යයන් සහ තීරණ පිිලබඳව මා දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍යය. සියළුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අතිරේක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල වාර්තා පිටපත් මගේ අවධානය පිණිස යොමු කළ යුතුය. සියළුම සේවා නියුක්තික සහ මානව සම්පත් කරුණු පිලිබඳව තීරණ ගැනීමට පෙර මා සමග සාකච්ඡා කළ යුතුය.
ශ්‍රී ලංකා රජය ජාතික අවශ්‍යතාවයන් සහ ආයතන වෙත සේවය කිරීමේ දී ඉහලම වගකීමෙන් යුක්තව ක්‍රියා කිරීමට බැඳී සිටින අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙම වගකීම් වලින් බැහැර වූවක් නොවේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධානතම හවුල් කරුවා ලෙස ශ්‍රී ලංකා රජය ජනතාව වෙත වගකිව යුතු භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටී.
මේ කරුණ සම්බන්ධයෙන් ඔබේ කඩිනම් අවධානය යොමු කිරීම ඉහලින්ම අගය කරමි
මේ අවංක,
හරීන් ප්‍රනාන්දු
පා.ම.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය
පිටපත්
අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්
ගරු අග්‍රමාත්‍යතුමාගේ ලේකම්
ගරු මුදල් ඇමැතිතුමාගේ ලේකම්
විදුලි සංදේශ සහ ඩිජිටල් අමාත්‍යාංශයේ ලේකම්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරීන්
මූලාශ්‍රය : Lankanewsweb.today
Friday, April 8, 2016
හරින්,හලෝ සිරිසේන ගැටුමක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment