ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කරයි (PHOTOS)

අද දින (09) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 
මෙම තත්ත්වය හටගත්තේ ඒකාබද්ධ විපක්ෂය කළබලකාරී ලෙස හැසිරීම පටන් ගැනීමත් සමගයි.

වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය සිදුකළ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඔවුන් මෙලෙස කළබලකාරී ලෙස හැසිරුණු අතර දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙසේ පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් එහි කටයුතුවලට බාධා කළෝ ය.

මෙම උණුසුම්කාරී වාතාවරණය අඩ හෝරාවක පමණ කාලයක් මුළුල්ලේ පැවැති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න...




No comments:

Post a Comment

Post Bottom Ad