ඔසාමා බින් ලාඩන් තවමත් ජීවතුන් අතර..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ඔසාමා බින් ලාඩන් තවමත් ජීවතුන් අතර..?

අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් තවමත් ජීවතුන් අතර සිටින බවට බව සී.අයි.ඒ සංවිධානයේ හිටපු සේවකයෙකු වන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් ප්‍රකාශ කරනවා. 

2011 වසරේදි පාකිස්තානයේදී ඇමරිකානු විශේෂ හමුදා බලකායක් විසින් ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කළ බවට ප්‍රසිද්ධ කළද බහමාස් රාජ්‍යයේ හෙළි කළ නොහැකි ස්ථානයක ඔසාමා ඉතා රහසිගත ලෙස ජීවත් වන බව ස්නෝව්ඩන් හෙළිකර තිබෙනවා.

2011 වසරේදි ඔසාමාව ඝාතනය කළ බවට බොරු ප්‍රචාරයක් යවා ඔසාමාව ඔහුගේ බිරියන් හා දරුවන් බහමාස් වෙත රහසිගත ලෙස ප්‍රවාහනය කර ඇත්තේද සී.අයි.ඒ සංවිධානය විසින්ම බවත් ස්නෝව්ඩන් පවසනවා. සී.අයි.ඒ සංවිධානය විසින් ඔසාමා වෙත දැනටත් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ ගෙවන බවටද ස්නෝඩන් ප්‍රකාශ කරනවා.

ඔසාමා මේ වන විටත් ඉතා හොඳින් සිය බිරියන් පස් දෙනා හා දරු පිරිස සමග බහමාස් රාජ්‍යයේ හෙලි කළ නොහැකි ස්ථානයක ජීවත් වන බව ස්නෝව්ඩන් වැඩිදුරටත් සඳහන් කරනවා. ඔහු එහි ජීවත් වන්නේ ටයි කෝට් අඳින මහත්මයෙකු ලෙස බවද ස්නෝව්ඩන් පවසනවා. කෙසේ වෙතත් ස්නෝව්ඩන් විසින් ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කිරීම සඳහා සාධක ඉදිරිපත් කර නොමැති අතර නුදුරු දිනකදී මේ ගැන සාක්ෂි ඉදිරිපත් කරන බව පවසා තිබුණා.

සී.අයි.ඒ සංවිධානයේ රහසිගත ලිපි ලේඛන මාධ්‍යවේදීන්ට විවෘත කිරීමේ චෝදනාව ලබා සිටින එඩ්වර්ඩ් ස්නෝව්ඩන් මේ වන විටත් සිටින්නේ රුසියාවේ රැකවරණය යටතේයි.

No comments:

Post a Comment

Post Bottom Ad