භික්ෂූන්වහන්සේට දඬුවම් ලබා දීමට උසාවියට නොහැති බවත් එම බලය භික්ෂූන්ටම ලබා දිය යුතු බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කලේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) වැල්ලවත්ත ශ්රී මයුරපති කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් අනතුරුව යෝජිත භික්ෂු විනය පනත පිළිබඳ මාධ්යවේදීන් ඇසූ ප්රශ්ණවලට පිළිතුරු දෙමිනි.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ පන්සලෙන් ගන්නා තීන්දුවක් ක්රියාත්මක කිරීමේ බලය උසාවියට ලබා දෙන ලෙස මෙම පනත ගෙන එනවා නම් ගැටළුවක් නොමැති බවයි.
එසේම මෙවැනි පනතක් ගෙන ඒමට පෙර මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කළ යුතු බව ප්රකාශ කළ රාජපක්ෂ මහතා, මෙයින් විශාල සංස්කෘතික පරිහානියක් සිදු වන බව ද පෙන්වා දුන්නේ ය.
තව ද නැතකත්, සෙත්කවියක් ආදිය තනා ගන්නේ පන්සලෙන් බව ප්රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම පනත මගින් පන්සලත් සමඟ ඇති සබඳතාවය නැති කිරීමේ උත්සාහයක් ඇති බවයි.
වීඩියෝව පහතින්.

No comments:
Post a Comment