හැකි ඉක්මණින් හමුදාව උතුරින් ඉවත් කල යුතුයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 16, 2016

හැකි ඉක්මණින් හමුදාව උතුරින් ඉවත් කල යුතුයි !

මධ්‍යම ආණ්ඩුවෙන් තවමත් උතුරු පළාතට ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බව උතුරු පළාත් මහ ඇමති සි .වි විගෙනේෂ්වරන් පවසයි .ඊයේ (15) තෛපොංගල් දින සැමරුම් උත්සවයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

යුද්ධය අවසන්වී අවුරුදු 06 ක් ගත වුවද හමුදා නිළධාරින් ලක්ෂ ගාණක් තවමත් උතුරේ රැදි සිටින බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තබා ගනිමින් අප ඉදිරියට යෑමට උත්සහ කලද එයින් සාමුහික සමාජයක් ගොඩ නැගිය නොහැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යරයා සදහන් කලා.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේ මානසිකත්වය ඇතිව සාමුහික සමාජයක් ගොඩ නැගිය නොහැකි අතරම මධ්‍යම ආණ්ඩුව විවිධ ව්‍යාපෘති සකස් කරමින් උතුරේ ජනතාව මත බලෙන් පටවමින් සිටින බවටද ඔහු චෝදනා කලා .අප දැන් සියළු වැරදි නිවැරදි කර ගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad