ඇඹිලිපිටියේ විමර්ශනයට පොලිස් ලොක්කෙකුගේ බලපෑම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 16, 2016

ඇඹිලිපිටියේ විමර්ශනයට පොලිස් ලොක්කෙකුගේ බලපෑම්

ඇඹිලිපිටියේ සාදයකට කඩා වැද පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ‍පොලිස් නිලධාරියකු රැක ගැනීමට ඉහළ ‍පොලිස් නිලධාරියකු උත්සාහ ගනිමින් සිටින බව ‍පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිසි ලෙස සිදු නොවන්නේ නම් ඊට සම්බන්ධ ‍පොලිස් නිලධාරීන් පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කිරීමටද ‍පොලිස් නිලධාරීහු පිරිසක් සූදානම්ව සිටිති.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධ ‍පොලිස් දෙපාර්තමේන්තුවට එල්ල කළ කළු පැල්ලමක් වුවත් ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම වෙනුවට ඔවුන් බේරා ගැනීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවට ඉහළ ‍පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

මෙවන් සිදුවීමක් වෙනත් ‍පොලිස් නිලධාරියෙක් අතින් සිදුවිණි නම් මේ වන විට එම නිලධාරියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර අවසන් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

(ලක්බිම)

No comments:

Post a Comment

Post Bottom Ad