චමල්, යහපාලන තනතුරු එපා කියයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

චමල්, යහපාලන තනතුරු එපා කියයි !

හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුර ප්‍රතික්ෂේප කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම තනතුර චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දීමට ආණ්ඩුව තීරණය කළ බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබු අතර, චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සහය පළකරමින් සිටින බවට ද එම වාර්තා වල දැක්විණ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පසුගියදා 'වී එෆ් එම්' ප‍්‍රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් කියා සිටියේ, තමන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක් වන බවට ප‍්‍රවෘත්ති පල කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, තමන් දැනටමත් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක්වීමට කියා අමුතු දෙයක් නොමැති බව ද චමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය. කෙසේවුවද, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුර බාර නොගන්න බව ඔහු ජනාධිපතිවරයා වෙත ඊයේ දැනුම් දී ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad