තමිලිනීගේ සිංහල පොත අප්‍රේල්වල එළියට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

තමිලිනීගේ සිංහල පොත අප්‍රේල්වල එළියට !

කලක් එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස ක්‍රියා කළ සුබ්‍රමනියම් ශිවකාමි හෙවත් තමිලිනී විසින් ලියන ලද පොතක් ලබන පෙබරවාරි මාසයේදී දෙමළ බසින් එළි දැක්වීමට නියිමිත බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම පොතේ සිංහල පරිවර්තනය ලබන අප්‍රේල් මාසයේදී එළිදැක්වෙන බවද පැවසේ. ගැටුම් පැවති අවසන් සමයේ ආරක්ෂක අංශ භාරයට පත් වූ තමිලිනී, පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකහමාරක පමණ කාලයක් පුනරුත්ථාපනය ලැබීමෙන් පසුව 2013 වසරේ මුදා හැරිණ.

පුනරුත්ථාපනය වූ කාලයේදී ඇය වැඩි කාලයක් වැයකර තිබුණේ සිංහල භාෂාව ඉගෙන ගැනීමට බව පැවසේ. කෙසේවුවද ඇය මිය යාමට පෙර ඇය ලියූ අවසන් වදන් අතර “මෙවන් උතුම් මිනිස්සු පිරිසකට එරෙහිව අවි එසවීමට සිදුවීම ගැන කනගාටුවෙනවා” යනුවෙන්ද සටහනක් වූ බව පැවසේ.

එසේම ඇගේ පොත විකිණීමෙන් පසුව ලැබෙන මුදල් මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ අවශ්‍යතා වෙනුවෙන් වැයකරන ලෙසද අවසන් වශයෙන් ඇය ඉල්ලා තිබූ බව වාර්තා වේ. පරන්තන්හි පදිංචිව සිටි 43 හැවිරිදි තමිලිනී මියගියේ පසුගිය ඔක්තෝබර්  14 වැනිදා මහරගම ජාතික පිළිකා රෝහලේදීය.

තමිලිනී රෝහලට ඇතුළත්කළ අය සෙවූ පිරිස කවුද ?

මේ අතර, තමිලිනී මියගිය පසු කිසියම් පිරිසක් මහරම රෝහලට පැමිණ ඇය එම රෝහලට ඇතුළත් කළ අය විමසමින් තමිලිනීට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට වද දී ඇති බවද මේ වන විට හෙළිව තිබේ.

එහිදී ඇයට ප්‍රතිකාර කළේ මන්දැයි වෛද්‍යවරයාටද තර්ජනය කර ඇති බවත්, වෛද්‍යවරයා ඔවුන්ට එහිදී පිළිතුරු ලෙස පවසා ඇත්තේ තමන්ට පුද්ගලයාගෙන් වැඩක් නොවන බවත්, තමාට වැදගත්වන්නේ රෝගියා මරණයෙන් ගලවා ගැනීම පමණක් බවයැයිද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad