නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ් 

2013 වසරේ දී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදු වූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකු ජනවාරි මස 11 වැනි දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ ය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ඔහු ඉකුත් 07 වැනි දා පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබී ය.
මීට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ධම්මික පෙරේරා මහතා සහ පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකුවන රොනී ඊබ්‍රාහිම් නමැත්තා අත්අඩංගුවට ගෙන අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad