ඇඹිලිපිටිය ගැටුමෙන් මියගිය එක්දරු පියාගේ අවසන් කටයුතු අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ඇඹිලිපිටිය ගැටුමෙන් මියගිය එක්දරු පියාගේ අවසන් කටයුතු අදයි

ඇඹිලිපිටිය, නවනගරයේ නිවසක සාදයක් අතරතුරදී පොලිසිය සමග ඇති වූ ගැටුමකදී මියගිය එක්දරු පියාගේ අවසන් කටයුතු අද(10) සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව එම කටයුතු ඇඹිලිපිටිය, නවනගරයේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මෙම සිද්ධියෙන් පසු  තවමත් ඇඹිලිපිටිය නගරය හා ඒ අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත. මෙම ගැටුමේදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි එක්දරු පියාගේ මිය යාමත් සමග පසුගිය දින  කිහිපයේ අවස්ථා කිහිපයකදී ඇඹිලිපිටිය නගරයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ නමුත් මේවන විට එම තත්ත්වය පහව ගොස් තිබේ.

සිද්ධියත් සමග ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් 21 දෙනෙකු ස්ථානමාරු කර ඇති අතර මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන හෙවත් පොඩි වෙදාගේ  දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා ඇත්තේ  කැපුම් තුවාල මගින්, මරණය සිදුවූ බවට එහි සඳහන් වන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad