පසුගිය රජය සමයේ සිදු වූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන සහ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් පැවැත් වූ පොලිස් පරීක්‍ෂණ මේ වන විට අවසන් කර ඇති අතර එම අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් සහ ඒවාට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මාධ්‍යවේදීන් වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති අතර ඒවාට සම්බන්ධ වූ දේශපාලනඥයන් මෙන්ම ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදු කරමින් සොරා ගන්නා ලද රුපියල් බිලියන ගණන් මුදල් විදේශ බැංකුවල තැන්පත් කර ඇති දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ රැසක් මේ වන විට අවසන් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් තමන් සිදු කළ වැරදි වසා ගැනීමට රට අස්‌ථාවර තත්ත්වයට පත්කිරීමට නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසී ය. මේ සියලුම දෙනාට එරෙහිව රජය කුමන බාධක ආවත් නොබියව කටයුතු කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment