උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට

තවත් උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව උපාධිධාරීන් 2591 දෙනෙකු සඳහා අභ්‍යාසලාභී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වැනිදා අරලියගහ මන්දිරයේ දී පත්වීම් ප්‍රදානය සිදුකිරීමට නියමිතය.

2012 වසරේ මාර්තු 31 වන දිනට පෙර උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයින් මේ සඳහා තෝරාගෙන තිබේ. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු තුළ ලබාදෙන වසරක පුහුණු කාලයකින් පසු සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර පත්වීම් ප්‍රදානය කරන බව වාර්තා වෙයි.

පත්වීම් ලබාදීමට සුදුසු පුද්ගලයින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පැවැත්වු සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad