හරීන්ට නයෙක් එක්ක නිල නිවසක්දීලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

හරීන්ට නයෙක් එක්ක නිල නිවසක්දීලා !

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති නිල නිවසේ අත්භූත නාගයෙකු සිටින බවට රාවයක් පැතිර තිබේ.

මේ අත්භූත නාගයා සම්බන්ධ කතාව මුලින්ම කල එළි බැස ඇත්තේ මීට වසර ගණනකට ඉහතදී එහි පදිංචියට ගිය පුත්තලම ප්‍රදේශයේ දේශපාලඥයකු විසින් අවස්ථා කිහිපයකදීම එම නිවසේ සිටි නාගයා අල්ලා දුර ප්‍රදේශවලට මුදාහැරියද නැවත නැවත පැමිණීම නිසාය.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැනි පුවතකි. මෙම නිල නිවස තැනීමට පෙර අදාල ස්ථානයේ නාග තුඹසක් තිබූ බවත්, එහි නායගන් දෙදෙනාකු සිටි බවත් පැවසේ. නිල නිවස තැනීමට පැමිණි බාස්ලා උදැල්ලකින් ගසා එක් නයෙක් මරා දමා ඇති බවත්, අනෙක් නාගයාගේ පෙනේ දෙපලුවන්නට පහරදී ඇති බවත් වාර්තා වේ.

එසේ පෙනේ දෙපලුවූ නයා අමාරුවෙන් පැනගොස් ඇති බවත්, පසුව එසේ නයින් මරා දැමීමට මුල්වූ බාස්උන්නැහැ වාඩිය තුළ නාගයකු දෂ්ටකිරීම නිසා මරණයටපත්වූ බවත් පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad