ලංකා සතොස ආයතනයේ ඇති පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් තිස්දහසක් (30,000) සත්ව ආහාර ලෙස විකිණීමට අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අවසරය උපයෝගී කරගනිමින් එම සහල් නැවත හොර පාරෙන් වෙළෙඳපොළට යාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
ඒ සත්ව ආහාර සඳහා ලබාදීමට නියමවූ සහල් ලබාගැනීමට ඉදිරිපත්ව සිටින මිලදීගන්නන්ගෙන් බහුතරය සහල් මෝල් හිමිකරුවන්වීම නිසාය. එබැවින් එම සහල් ඔවුන් විසින් සත්ව ආහාරවලට යැයි කියමින් මිලදීගෙන පසුව ඒවා ඔපදමා නැවත වෙළෙඳපොලට නිකුත් කිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.
මෙසේ ඉදිරිපත්ව සිටින පිරිස 15ක් බවත් මොවුන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොයුරාවන රියාජ් බදුයුදීන් මහතාගේ මිතුරන් බවත් පැවසේ. මේ සහල්මොල් හිමියන් සත්ව ආහාර මිලදී ගැනීමේ බලපත්‍ර ඇති අය බවත්, ඔවුන් අදාල ජාවාරම් සිදුකරනු ලබන්නේ කාලයක සිට බවද සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලංකාවේ ප්‍රධානම සත්ව ආහාර නිෂ්පාදකයින් වන ගෝල්ඩ් කොයින් හෝල්ඩිංග්ස් (Gold Coin Holdings) හා ප්‍රිමා (Prima) සමාගම්වලට මෙම සහල් තොග ලබා නොදීම අදාල සැකය තවත් වර්ධනය කරන්නක් වී ඇත. කෙසේවුවද අදාල සහල් තොගය සත්ව ආහාරවලටද නුසුදුසු බව පැවසේ. ඒ එම සහල්වලට වසරක කාලයක සිට මසකට දෙවරක් කෘමි නාශක යොදා තිබීම නිසාය.
Source By : ශ්‍රී ලංකා මිරර්
Sunday, January 10, 2016
රිෂාඩ්ගේ මල්ලි ජනතාවට වස සහල් කවයි ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment