ඩේලි නිවුස් අතිරේකය අගමැතිට කළු කොඩි දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ඩේලි නිවුස් අතිරේකය අගමැතිට කළු කොඩි දාලා

ලේක්හවුස් ආයතනය විසින් පලකරනු ලබන ඩේලි නිවුස් පුවත්පතේ සිකුරාදා අතිරේකයට හදිස්සියේ සීල් තැබූ බවට රාවයක් පැතිර ගොස් තිබේ.

ඒ සඳහා මෙසේ හදිස්සියේ සිල් තබා ඇත්තේ අදාල අතිරේකයේ පල කර තිබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින ඡායාරූපයක පසෙක කළු කොඩියක් තිබීම නිසාය.

කෙසේවුවද මේ ඡායාරූපය අදාල අතිරේකයට එක්ව ඇත්තේ කිසිදු සහය කර්තෘවරයෙකුගේ අනුමැතියකින් තොරව බවද පැවසේ. මේ සම්බන්ධයෙන් පිටුසැලැසුම් අංශයේ ප්‍රධානී අභය අමරදාස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි ඡායාරූපයක් හමුවූ බවත්, පසුව එම ඡායාරූපය ඉවත් කර වෙනත් ඡායාරූපයක් යොදා අදාල අතිරේකය මුද්‍රණය කළ බවයි.

එසේම අතිරේකයේ පිටපත්වලට සීල් තැබූ බවට වන රාවය අසත්‍ය එකක් බවද ඔහු කීය. අදාල ඡායාරූපය සහය කර්තෘවරයෙක් අනුමත කළේද යන්න පිළිබඳව ඩේලි නිවුස් කර්තෘවරයා පරීක්ෂණයක් සිදුකරන බවත්, එය මෙතෙක් තහවුරුව නොමැති බවද ඔහු කීය.

මේ අතර, මෙය ලේක්හවුස්හි හිටපු සභාපතිවරයාට සහය දක්වන පිරිසක් විසින් සිදු කළ එකක්ද යන්න පිළිබඳව සොයා බැලීමටද පරීක්ෂණයක් සිදු කිරීමට සැරසෙන බවට ලේක්හවුස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Source By : ශ්‍රී ලංකා මිරර් 

No comments:

Post a Comment

Post Bottom Ad