මධු මාධව පහුගිය දා ෆේස්බුක් හරහා තම දෙවන බිරිඳට ලියූ ලිපියක් සහ දෙවන බිරිඳ මධූට ලියූ ලිපියක් පිළිබඳව තොරතුරු වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් මධු මාධවගේ පළමු බිරිඳවූ නිල්මිණි තෙන්නකෝන්ගෙන් කරුණු විමසා තිබුණා.
එම කතාබහ පහතින් දැක්වෙනවා.
"මට ඒ ගැන ප්‍රතිචාර දක්‌වන්න බෑ. මොකද මං කාගෙවත් පවුලක් කඩලා නෑ. හැබැයි මගේ පවුල කඩපු ගෑනු අය ගොඩයි. මේ දේවල්වලට මට නං සමාව දෙන්න බෑ. මධු බැඳගත්ත ඒ ගෑනු කෙනාට මගෙන් නම් සමාවක් ඇත්තෙම නෑ. දිට්‌ට ධම්ම වේදනීය කර්ම කියලයි මට කියන්න තියෙන්නේ.
අපි හොඳින් පවුල් කද්දී ඊර්ෂ්‍යා කරපු පවුල් කඩා ඉහිරවපු ගෑනු අය හුඟක් හිටියා. අනික පැදුරටත් නොකියා දාල ගිය ගෑනු කෙනෙකුට මෙච්චර සමාවක් දෙන්නේ කොහොමද මන්දා. කව්රු හිටියත්, කවුරු පිටතින් ආවත් මධූගේ ආදරේ අයිතිය තියෙන්නේ ශ්වේතා දුවට. තාත්තයි දුවයි ඒ ආදරය භුක්‌ති විඳිනවා.
අනික ඉතිං පෑන් තියෙනවා නං, type කරන්න පුළුවන් නං ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න පුලුවන්නේ. fb ඕන දෙයක් දාන්න පුළුවන්. හැබැයි මං එතන නෑ. මං කළේ එක ආදරයයි. මගේ ජීවිතේ එතන නතරවෙලා තියෙනවා."
ඒ කියන්නේ නිල්මිණි තාමත් මධුට ආදරෙයි කියලද?
මං ඔය කියපු දේ ලියුවොත් ඒක තේරෙයි ඉතිං.
ඔය කියන විදිහට මධුයි, නිල්මිණියි ආයෙමත් එක වහලක් යටට ඒවිද?
අනේ මන්දා... කාලයට භාරයි හැමදේම.
මධූ කවදාහරි එහෙම ආරාධනාවක් කළොත්?
ඒ දේවල් ගැන දැන්ම මුකුත් කියන්න බෑ. මොකද දික්‌කසාද නඩුවක් එහෙ යද්දී මට මුකුත් කියන්න බෑනේ.
ලංකාවෙන් යන්න එහෙම අදහසක් නෑනේ?
අනේ මන්දා.හැමදේම තීරණය වෙන්නේ ශ්වේතාගේ අධ්‍යාපන කටයුතු එක්‌ක.මං කොහොමටත් මහා ලොකු බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි දැන්. මොකද මගේ හැමදේම එක තැනකදී කඩාගෙන වැටුණා. දැන් හැමදේම මගේ දරුවා.
Source By : NethFm
Sunday, January 10, 2016
පවුල කඩපු ගෑනු අය ගැන නිල්මිණි කියන කතාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment