අලුතින් හඳුන්වා දෙන 'හැඳුනුම්පතේ' ඔබේ අංකය හැදෙන්නේ මෙලෙසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

අලුතින් හඳුන්වා දෙන 'හැඳුනුම්පතේ' ඔබේ අංකය හැදෙන්නේ මෙලෙසයි

පැරණි හැඳුනුම්පත අංක නවයකින් සහ ඉංග්‍රීසි අංකයකින් සමන්විත වුවද නව හැඳුනුම්පත් අංකය අංක දොළහකින්  සමන්විත වනවා. වර්තමාන හැඳුනුම්පත් අංකයේ තිබූ v හෝ x ඉංග්‍රීසි අකුරුද ඉන් ඉවත් කර තිබෙනවා. 

නව හැඳුනුම්පතේ ඇති එක, දෙක, තුන, හතර යන ස්‌ථාන වල පිහිටි ඉලක්‌කම් හතර සැකසී ඇත්තේ, පුද්ගලයා උපත ලද සම්පූර්ණ වර්ෂයට අදාළ ඉලක්‌කම් හතර අනුවයි.

උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති දින ගණනට 500 ක අගයක්‌ එකතු කර ලබා ගන්නා ලද ඉලක්‌කම් තුනෙන් ස්‌ත්‍රියකගේ නව හැඳුනුම්පතේ පහ, හය, හත යන ස්‌ථානවල පිහිටි ඉලක්‌කම් සැකසීම විශේෂත්වයක්.

පුරුෂයකුගේ නව හැඳුනුම්පතේ පහ, හය, හත යන ස්‌ථාන වල පිහිටි ඉලක්‌කම් තුන සැකසෙන්නේ පුද්ගලයා උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළමුවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති දින ගණනට අදාළ ඉලක්‌කම් තුනෙන් බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය පවසන්නේ.

පුද්ගලයා ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය ලියාපදිංචි කරන ලද අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක හතර, නව හැඳුනුම්පතේ අට, නවය, දහය, එකොළහ යන ස්‌ථාන වලට යොදනු ලබනවා.

ස්‌ත්‍රී සහ පුරුෂ නව හැඳුනුම්පතක දොළොස්‌වන ස්‌ථානයේ ස්‌ථානගත කරන අංකය මගින් නියෝජනය වන්නේ නව හැඳුනුම්පතේ එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය, එකොළහ යන ස්‌ථානවල ඇති අංක ගණිතමය සූත්‍රයකට සැකසූ පසු පුද්ගලයාට නිශ්චිත අංකය ලෙස තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්‍ෂණ අංකයයි.
  
මේ වන විට අප සතු වර්තමාන ජාතික හැඳුනුම්පත් අංක සහ හඳුන්වා දීමට නියමිත නව හැඳුනුම්පත් අංක අතර ඇති වෙනස ඉතා අල්ප බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad