පාස්පෝර්ට් අද සිට ගණන් උස්සයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

පාස්පෝර්ට් අද සිට ගණන් උස්සයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු අද (01 වැනිදා) සිට වැඩිවීමට නියමිතය. ඒ අනුව සෑම රටක් සඳහාම නිකුත් කරන (All Country) විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හා අවුරදු 16ට අඩු දරුවන් වෙනුවෙන් නිකුත් කරන සියලු රටවල් සඳහා බලපාන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ද වැඩිවීමට නියමිතය.

මේ වනවිට සෑම රටක් සඳහාම නිකුත් කරන ගමන්බලපත්‍ර ගාස්තුවට සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 2500ක ගාස්තුවක් අයකරයි. එම ගාස්තුව රුපියල් 3000 දක්වා වැඩිවන බවත්, එක්දින සේවයෙන් ලබාගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තුව රුපියල් 7500 සිට 10,000 දක්වා වැඩිවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් සොයිසා මහතා සදහන් කළේය.

එසේම අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සාමාන්‍ය සේවය යටතේ නිකුත් කරන සෑම රටක්ම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා වැඩිකර තිබේ. මේ අතර ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් අයදුම් කරන්නන්ට එහි ප්‍රධාන අයදුම්කරුට ගෙවීමට තිබූ ගාස්තුව රුපියල් 250,000 සිට 300,000 දක්වා වැඩිවන බවත්, අනෙක් අයදුම්කරුවන්ගේ රුපියල් 50,000 ගාස්තුව වෙනස් නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad