කොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීම අරඹා තිබේ.
රාජ්‍ය මන්ත්‍රණසභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට් යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100කට වඩා විශාල එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් බව වාර්තා වේ. බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ ඇරඹී තිබේ.
ඓතිහාසික වටිනාකමකින් යුත්, එසේම දැඩි ආරක්ෂිත ස්ථානයක් මෙසේ හදිසියේ කඩා ඉවත්කිරීම පිළිබඳ බලවත් සැකයක් මතුවන බවද එම ආරංචි මාර්ග පවසා සිටී. ඇතැම් ආරංචිවලින් කියවෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලය සඳහා මෙම ස්ථානය භාවිතා කිරීමට මෙසේ මෙම ඓතිහාසික සේප්පුව විනාශ කරන බවය.
Friday, January 1, 2016
මහා භාණ්ඩාගාරයේ ඓතිහාසික මුදල් සේප්පුවටත් රවී කෙළියි.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment