බීබීසී වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

බීබීසී වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක්

සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් බීබීසී සංදේශය ඇතුළු බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ වෙබ් අඩවි 2015 වසරේ අවසාන දිනයේ පැය හතරකට ආසන්න කාලයක් අක්‍රිය විය.

බීබීසී වෙබ් අඩවි වලට පිවිසීම ඊයේ (31) ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු හතේ සිට දුෂ්කරවී තිබුණු අතර පෙරවරු එකොළහට පමණ එය යථා තත්වයට පත්කර ඇත. අදාල වෙබ් අඩවි වලට පිවිසීමේදී ‘වැරදි භාවිතයක්’ ලෙසින් වෙබ් පිටුවේ දිස් වූ අතර ඇතැම් ලිපි ක්ෂණිකව පෙන්නුම් කළද බොහෝ පිටු සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත වී තිබිණි.

බීබීසී සේවය මෙම තත්වය පිළිබඳව දැනුම් දෙමින් පැවසූයේ එය කාර්මික දෝෂයක් හේතුවෙන් ඇති වූ තත්වයක් බවයි. කෙසේවෙතත්, එයට හේතුව සයිබර් ප්‍රහාරයක්ද නැද්ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad