ආණ්ඩුවට අවුරුද්දයි – බොරු පොරොන්දු කප්පරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

ආණ්ඩුවට අවුරුද්දයි – බොරු පොරොන්දු කප්පරයි

වත්මන් ‘‘යහ’’ පාලන ආණ්ඩුව බලයට පත්වී වසරක් පිරීමේ නිමිත්තෙන් පී‍්‍රතිය සමරණ මේ මොහොත වන විට උපාධිධාරීන් 20000කට අධික ප‍්‍රමාණයක් විරැකියාවෙන් සිටීම කණගාටුවට කරුණකි. පසුගිය කාලය පුරා අප රට පුරා දැවැන්ත විරෝධයක් රැකියා ලබාගැනීම වෙනුවෙන් පවත්වන ලදී. 

අවසන අගමැතිවරයා ද මූලිකත්වයෙන් සාකච්ඡුා පැවැත්වන ලදී. එසේ පැවති සියලූ සාකච්ඡාවන්හිදී අපගේ ගැටලූ පිළිගනිමින් ගැටලූ විසඳන බවට පැවසුවද මෙතෙක් විසඳු ගැටලූවක් නොමැත. අඩුම තරමේ පසුගිය වසරේ අනුමත වූ උපාධිධාරී පත්වීම් 5500 පවා මෙතෙක් ලබාදීමට නොහැකි වී තිබේ. 

මේ අතර පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු රැසක් පවතින අතර ඇතැම් පළාත්වල විභාග පවත්වා වසරක් ගත වී ඇතත් පත්වීම් ලබාදී නැත. තිබෙන පුරප්පාඩු ප‍්‍රමාණයවත් ගණන් බලා නැත. ආණ්ඩුව පවසන පරිදි 16000 ක පුරප්පාඩු සහ අඛිල විරාජ් අධ්‍යාපන අමැතිවරයා පවසන පරිදි ගුරු පුරප්පාඩු 15000ක් පවතී. 

සියලූ පුරප්පාඩු 30000 ඉක්මවා ඇත. එසේනම් විරැකියාවෙන් සිටීමට උපාධිධාරීන්ට කිසිඳු හේතුවක් නොමැත. නමුත් ආණ්ඩුවේ නායකයින් මාධ්‍ය හරහා විවිධ ප‍්‍රකාශ කරමින් ප‍්‍රශ්නය කල් මරමින් සිටීම පිළිකුල් සහගතය. මෙසේ පුරප්පාඩු තිබියදී රැකියා නොදීමට විරෝධය පළ කරමින් විරෝධතා මාසයක් නම්කරන ලදී.

ඒ අනුවජනවාරි 9 දින උදේ 11 ට නුවර ටොරින්ටන් චතුරශ‍්‍රය ඉදිරිපිටද, ජනවාරි 11උදේ 11 ට කොළඹ මහඇමති කාර්යාලය (ශ‍්‍රාවස්ති මන්දිරය)ඉදිරිපිටද, ජනවාරි 20 උදේ 11 ට මාතර බස්නැවතුම්පළ ඉදිරිපිටදීද විරෝධතා කි‍්‍රයාමාර්ග පැවැත්වීමට තීරණය කර ඇත. මේ අතර අනෙකුත් සියලූම දිස්ති‍්‍රක් හා පළාත් මට්ටමින් විරෝධතා කි‍්‍රයාමාර්ග පවත්වා පෙබරවාරි මස කොළඹ දී රැකියා ලැබෙන තුරු අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීමටද තීරණය කර ඇති බව එකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය නිවේදනයක් ඉකුත් කරමින් කියා සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad