ඇමැතිට හරි උත්තරේ දුන්න සභාපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

ඇමැතිට හරි උත්තරේ දුන්න සභාපති

ළඟදි ඇමැති පට්ටමක් ලැබුණ ඇමැතිතුමෙක් එක්තරා සංස්ථා සභාපති කෙනෙකුට කතා කළා… උන්නැහේ සභාපතිතුමාට කතා කළේ තමන්ගෙ දේශපාලන ගෝලයෙකුට ප්‍රමෝෂන් එකක් ඉල්ලන්න. ඇමැතිතුමා කතා කරපු සභාපතිතුමන් ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. නූලට වැඩකරන කෙනෙක් වග ප්‍රසිද්ධයි තරමක් සැරයි.

ඉතින් ඇමැතිතුමාගෙ ඉල්ලීම ලැබුණම සභාපතිතුමා කිව්ව මේ කියන තැනැත්තට ඔය ප්‍රමෝෂන් එක දෙන්න සුදුසුකම් නැහැ. මිනිහට ඒ රස්සාව කරන්න දක්ෂතාවකුත් නැහැ. ඒ වගේ කෙනෙකුට මේ තරම් ලොකු උසස්වීමක් දෙන්න බැහැ කියලා…. සභාපතිතුමාගෙ කතාවට ඇමැතිතුමාට ටිකක් කේන්ති ගියා. 

සභාපතිතුමා ඒත් කාරුණිකව ඇමැතිතුමාට කිව්ව කලින් හිටපු සභාපතිතුමත් ආණ්ඩුවෙ ඉහළම කෙනෙක් උන්නැහේටත් මේ ඉල්ලීම මෙයා කරල සුදුසුකම් නැති නිසා වැඩේ කළේ නැහැයි කියල සභාපතිතුමා ඒ කතාව කිව්වම ඇමැතිතුමාට තවත් කේන්ති ගියා….

“අපි කියපු වැඩ නොකරපු නිසායි ඒ සභාපති ඔය පුටුවෙන් ඇරියෙ… ඒක මතක තියාගන්න.” ඇමැතිතුමා තදින් සභාපතිතුමාට කිව්ව….මේ වගේ කතා නොඉවසන පළපුරුදු සභාපතිතුමා ඒත් කේන්ති නොගෙන ඇමැතිතුමාට මෙහෙම කිව්වලු….

අනේ ඉතින් ඇමැතිතුමා ඒ සභාපති ගෙදර ඇරිය වගේ මමත් ගෙදර අරින්නකො… මම පඩි ගන්නෙත් නැහැ… මටත් මෙතන හරි මහන්සියි… ඒ මොනව වුණත් නීතියට පිටින් නම් මට වැඩ කරන්න බැහැ…” 

සභාපතිතුමාගෙ ඒ කතාවෙන් තවත් කේන්තියට පත්වුණ ඇමැතිතුමා මෙහෙම පුළුවන්ද පක්ෂ ගොඩනගන්න කියල ටෙලිපෝන් එක තිබ්බලු…. ඊට පස්සෙ මේ කතාව මේ රාජ්‍ය ආයතන ට්‍රේඩ් යුනියන් කස්ටියටත් කියල එයාලත් ඒ ගැන කසුකුසු ගාන්න ගත්ත කියලයි ආරංචි….

No comments:

Post a Comment

Post Bottom Ad