ජවිපෙ මූලස්ථානයේ එල්ලා තැබීමට ජේ.ආර්.ගෙ ලොකු පින්තූරයක් රනිල් යවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ජවිපෙ මූලස්ථානයේ එල්ලා තැබීමට ජේ.ආර්.ගෙ ලොකු පින්තූරයක් රනිල් යවයි..

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ එල්ලා තැබීම සඳහා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විශාල පින්තූරයක් යැවීමට තමන් සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ රැස්වීමේදී පවසා තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණද විරුද්ද බව ශ‍්‍රිලනිප ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් කරුණු දක්වද්දී අගමැතිවරයා එසේ පවසා ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි මුල සිටම කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ බැවින් එය අහෝසි කිරීමට විරුද්ද වීමට ඔවුනට කිසිදු අයිතියක් නැති බවත් එසේ කියන්නේ නම් තමන් ජවිපෙ මූලස්ථානයේ එල්ලා තිබීම ජේ.ආර්. ජයවර්ධනගේ පින්තූරයක් යැවීමට සූදානම් යයිද අගමැතිවරයා එහිදී අවධාරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad