මහපාර මැද කාන්තාවක් කරගන්න ගිය දෙයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

මහපාර මැද කාන්තාවක් කරගන්න ගිය දෙයක්

ජීවිතේ රසවත් වෙන්නේ දුක සතුට දෙකටම මුහුණදීගෙන යනකොටයි. මිනිස්සු විදිහට අපි කවුරුත් සතුටෙදි එය හොදින් භූක්ති විදිනවා වගේම ප්‍රශ්නයක් ආපුවාම ඒකටත් එඩිතරව මුහුණදෙන්න ඕනේ. 

ඒත් සමහරු නම් ප්‍රශ්නයක් ආපුවාම කරන්නේ තමන්ගේ ජීවිතේ නැතිකර ගන්න එක. එහෙම කරන එක හරිද ??? මේ විදිහට තමන්ට මුහුණදෙන්න වුන ප්‍රශ්නයක් නිසා එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත්වෙන කාන්තාවක් ජීවිතේ නැතිකරගන්න උත්සාහ කළා. ඒත් එයාගේ මේ උත්සාහය තරමක් වෙනස් විදිහට කරගන්නයි ඇය උත්සාහ කළේ. 

මධ්‍යම ලන්ඩනයේ මහපාරක තමන්ගේ ගෙල ඇගේ අතින්ම රෙදි පටි වලින් වගේම කම්බි වලින් සිරකරගෙන තමයි මෙහෙම සියදිවි හානිකර ගන්න උත්සාහකරලා තියෙන්නේ. කොහොමවුනත් මේ විදිහට මහපාර මැද වාඩිගෙන හිටපු මේ කාන්තාව දහසක් දෙනා දැක්කත් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ ඇය සියදිවි නසාගැනීමේ උත්සාහයක නිරතවෙලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ මේ ස්ථානයට ආපු යතුරුපැදිකරුවෙක් විතරක් වීරයෙක් වගේ ඇවිත් මේ කාන්තාව ගැන විපරම් කළා. 

ඒ වෙලාවේ මේ යතුරුපැදිකරුවාට දැනුනා ඇය දිවිනසා ගැනීමට උත්සාහ කරලා කියලා. මේ ගැන වටහා ගත් යතුරුපැදිකරුවා ඇගේ බෙල්ල වටේ ඔතාගෙන තිබ්බ රෙදිපටි වගේම කම්බි ටික අයින් කරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ මහපාරේ නවත්තලා තිබ්බ වාහන වල හිටපු මිනිස්සුත් ඇවිත් මේ වීරයාට උදව් කළා. අවසානයේ මේ වීරයාගේ උත්සාහය නිසා අර කියපු කාන්තාවගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුණා. හිතන්න ජීවිතයක වටිනාකම දන්නේ තමන්ගේ ජීවිතේට ආදරය කරන කෙනෙක් විතරයි.

No comments:

Post a Comment

Post Bottom Ad