නවසීලන්තය ක‍්‍රිකට් ලෝක වාර්තා අලුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

නවසීලන්තය ක‍්‍රිකට් ලෝක වාර්තා අලුත් කරයි

ශ‍්‍රී ලංකාව සමග අද (10) පැවති අවසන් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේදී නව වාර්තා කිහිපයක් පිහිටුවීමට නවසීලන්තය සමත් වුණා. 

ඒ අනුව ලකුණු 120කට වැඩි ඉලක්කයක් පන්දුවාර 10ක් තුළ සම්පූර්ණ කළ ලොව පළමු කණ්ඩායම වන්නේ නවසීලන්තයයි.

ශ‍්‍රී ලංකාව අද (10) ලබාදුන් ලකුණු 143ක ඉලක්කය නවසීලන්තය පසුකර ගියේ පන්දුවාර 10ක් තුළයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දුවාර 11යි පන්දු 3කදී ලකුණු 130ක ඉලක්කයක් පසුකර ගිය දකුණු අප‍්‍රිකාවයි. 

මේ අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු ලකුණු 50ක් හෝ ඊට අඩුවෙන් ලබාගත් අවස්ථාවක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව ද අද (10) අලුත් වුණා. එම වාර්තාවට හිමිකම් කියූ කොලින් මුන්රෝ නොදැවී ලකුණු 50ක් රැස්කළේ හයේ පහර 7ක්ද සමගයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හයේ පහර 6ක් සමග ලකුණු 45ක් රැස්කළ නෙදර්ලන්තයේ ටොම් කූපර්. මීට අමතරව කොලින් මුන්රෝ අද (10) තරගයේදී පන්දු 14ක් තුළ අර්ධ ශතකයක් රැස්කරගනිමින් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක ලොව දෙවන වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගත්තා. 

මේ අතර තරගයක් තුළ පන්දු 20කට අඩුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු අර්ධ ශතක රැස්කළ ලොව පළමු තරගය වන්නේ ද මෙයයි. මාර්ටින් ගප්ටිල් සිය අර්ධ ශතකය රැස්කළේ පන්දු 19කදීයි. 

No comments:

Post a Comment

Post Bottom Ad