‘පාකිස්තාන අගමැතිගේ සංචාරයෙන් පසු ජෙට් ගනුදෙනුව ස්ථිරයි‘ -පාකිස්තාන මාධ්‍ය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

‘පාකිස්තාන අගමැතිගේ සංචාරයෙන් පසු ජෙට් ගනුදෙනුව ස්ථිරයි‘ -පාකිස්තාන මාධ්‍ය

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළඹගත් ගිවිසුම්හි ප්‍රතිපලයක් ලෙස ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 07ක් පාකිස්ථානයෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් යන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.  

පාකිස්තාන ගුවන් හමුදාව දැනටමත් භාවිත කරන ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදාගන්නේ ත්‍රස්ත මර්දන ප්‍රහාර සඳහා බව වාර්තාවේ. පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්ට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබුණ ද ඉන්දියාවේ මැදිහත්වීම් මත එය වැළැකී තිබූ බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

එහෙත් පාකිස්තානයේ අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව එම බාධා ඉවත් වී මෙම ගනුදෙනුව ස්ථිර වී ඇතැයි පාකිස්තා මාධ්‍ය පවසයි. 
එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූ බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad