බලන්ගොඩ කැණීමකින් ඉපැරණි ධාන්‍ය වර්ග 08 ක් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

බලන්ගොඩ කැණීමකින් ඉපැරණි ධාන්‍ය වර්ග 08 ක් හමුවෙයි

ඊයේ (06) බලන්ගොඩ ඉලුක්කුඹුර ප්‍රදේශයේ පුරාවිද්‍යා නිලධාරීන් කල කැණීමකදී ඉලුක්කුඹුර ගල්ගුහාවේ තිබි වසර 6000 ක් පමණ පැරණි ධාන්‍ය වර්ග 08ක් හමු වී තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරන්නේ අපේ රටේ ජිවත් වූ ගල් යුගයට අයත්වූවන් යම් කිසි සංස්කෘතික ඉදිරි පැන්නීමකට අවශ්‍ය මුලික ප්‍රවේගය මින් ලබාගෙන ඇති බවයි.

මෙම ධාන්‍ය වර්ග එකින්එක පරීක්ෂා කර බලා ඒවා අයත්වන්නේ කිනම් ශාකයකට ද ඒවායේ අස්වැන්න ලැබෙන්නේ කිනම් කාලයේ දී ද යන්න පිළිබදව වැඩිදුරටත් සොයාබලන බව ඔවුන් සදහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad