ඒඑස්පී කියා හඩ්සන්ගෙන් අල්ලස් ඉල්ලයි   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

ඒඑස්පී කියා හඩ්සන්ගෙන් අල්ලස් ඉල්ලයි  

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි කියමින් රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් ඉල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හඩ්සන් සමරසිංහ මහතාට එරෙහි පොලිස් පරීක්ෂණ දේශපාලන පළිගැනීම් බව කියමින් ඒවා විසඳාගැනීමට උදව් උපකාර කරන බවට පොරොන්දු වෙමින් රුපියල් ලක්ෂ දෙක හමාරක් තම ගිණුමට බැර කරන ලෙස එම පුද්ගලයා දුරකථනයෙන් දැනුම් දුන් බව හඩ්සන් සමරසිංහ මහතා කුරුඳුවත්ත පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අනුව පොලිසිය ඊයේ (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඔහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවසර ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad