දයාසිරි රතු ඉර පනී.. එජාප මැති ඇමතිවරුන් දයාසිරිට විරුද්දව කඩු අමෝරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

දයාසිරි රතු ඉර පනී.. එජාප මැති ඇමතිවරුන් දයාසිරිට විරුද්දව කඩු අමෝරති..

ක්‍රිකට්‌ ආයතනය සම්බන්ධව සුපරීක්‍ෂණ කමිටුවක්‌ පත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්‌ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් විවේචනය කරනු ලැබීම හේතු කොට ගෙන ඔහුට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ අගමැතිවරයාගෙන් ඉල්ලීක්‌ කර ඇත.

කොල්ලුපිටිය පස්‌වන පටුමගේ පිහිටි අගමැති වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි ඔවුන් එම ඉල්ලීම කර තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ කිසිවකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් කිසිම තීන්දුවක්‌ ප්‍රසිද්ධියේ විවේචනය නොකළ බවත් ශ්‍රීලනිප ඇමැතිවරයකු වන දයාසිරි ජයසේකර මහතා අගමැති විවේචනය කිරීම නොගැලපෙන ක්‍රියාවක්‌ බවත් ඔවුන් පෙන්වාදී තිබේ.

එජාපය තුළද ප්‍රශ්න ඇති කරමින් ජයසේකර මහතා මීට පෙර ක්‍රියා කළ ආකාරය එහි ජ්‍යෙෂ්ඨයින් අගමැතිවරයාට පෙන්වාදී ඇති අතර අවසානයේදී එජාප නායකයාට අපහාස කරමින් පාර්ලිමේන්තුවේදී අදහස්‌ දැක්‌වූ ආකාරය පිළිබඳවද සිහිපත් කර තිබේ.

රටේ අගමැතිවරයාව ඇමැති මණ්‌ඩල සාමාජිකයකු මෙලෙස විවේචනය කිරීම නොකළ යුත්තක්‌ බැවින් වහාම ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසද එජාප ජ්‍යෙෂ්ඨයෝ වැඩිදුරටත් පවසා තිබේ. මේ සම්බන්ධව තමා ගන්නා ක්‍රියා මාර්ග ඉදිරියේදී දැක ගතහැකි බව එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad