“ජනපතිට කියන්න” - අද සිට අවස්ථාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

“ජනපතිට කියන්න” - අද සිට අවස්ථාව

ජනතා ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් “ජනපතිට කියන්න” වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද(08) සිට ආරම්භ වේ.

රටේ ඕනෑම පුරවැසියකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය පණිවිඩය ඍජුව ඉදිරිපත් කිරිමේ 'ජනපති හදබිම' ජාතික වැඩසටහන ඒ අනුව අද (08) සිට ආරම්භ කෙරේ. මේ යටතේ ජනතාව‍‍ගේ දුක්ගැනවිලි සහ දැවෙන ප්‍රශ්න, කෙටි පණිවිඩ, දුරකථන ඇමැතුම්, අන්තර්ජාල පණිවිඩ සහ ලිපි මාර්ග ඔස්සේ ජනාධිපතිවරයා වෙත ඍජුව ඉදිරිපත් කිරිමේ අවස්ථාව උදා‍වෙයි.

ජනපති වර්ෂ පූර්ණය නිමිත්තෙන් ආරම්භ කෙරෙන මේ වැඩපිළිවෙළ යටතේ කිසිඳු මැදිහත්කරුවකුගෙන් තොරව රාජ්‍ය නායකයා වෙත ජනතාවට සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි.  සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පුරවැසි ඒකක ස්ථාපිත කර මේ වැඩපිළිවෙළ කාර්යක්ෂම සේවාවක් කිරීම කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. 

එසේම මෙම 8 වෙනිදායින් පසු කොටුව ජනාධිපති මන්දිරය මහ ජනතාව සඳහා විවෘත කිරීමට රජය තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad