ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අද

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමක් අතරතුර උඩුමහලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) රත්නපුර මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ සියලුම කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවමින් ප්‍රදේශවාසීන් ඊයේ (07) විරෝධතාවයක ද නිරතවූ අතර එහිදී ඇතැම් පිරිස් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණ අයුරු දක්නට ලැබුණි. එම තත්ත්වය නිසා ඇඹිලිපිටිය නගරයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටී. 

සාදයකදී පොලිසිය සහ එහි පිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසුව තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය හේතුවෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකුට තාවකාලික පදනම මත ස්ථාන මාරු ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad