වෙනස සැපද ? පැයකට – යතුරු පැදියකින් රු. 10යි ,ත්‍රි රෝද රථයකින් රු .20,බස් රථයකින් රු .50යි -අද සිට ක්‍රියාත්මකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

වෙනස සැපද ? පැයකට – යතුරු පැදියකින් රු. 10යි ,ත්‍රි රෝද රථයකින් රු .20,බස් රථයකින් රු .50යි -අද සිට ක්‍රියාත්මකයි

කොළඹ නගරයට පැමිණෙන් වාහන වලින් මුදල් ගාස්තු අය කිරීම අද (04) සිට ක්‍රියාත්මක බව කොළඹ නගර සභාව පවසයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ , කොළඹ නගර සීමාවේ ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර හා ඒවාට සම්බන්ධ අතුරු මාර්ගවල තෝරාගත් වාහන ගාල් කිරීමේ ස්ථාන 1600කදීය. මෙහිදී පැයක කාලයක් සදහා යතුරු පැදියකින් රුපියල් 10ක්, ත්‍රී රෝද රථයකින් රුපියල් 20ක්, මෝටර් රථ හා වෑන් රථවලින් රුපියල් 30 ක් ද බස් හා ලොරි රථ සඳහා රුපියල් 50ක් ද අය කෙරෙනු ලැබේ.

කොළඹට ඇතුළුවන අධික වාහන සංඛ්‍යාව පාලනය කරමින් මාර්ග තදබදයට විසදුමක් සෙවීමේ පියවරක් ලෙසයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිහාල් වික්‍රමරත්න කියා සිටියේ , පුද්ගලික වාහන සදහා එවැනි ගාස්තුවක් අය කිරීමෙන් මහ ජනතාව පොදු ගමනා ගමනයට හුරුවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad