ජනවාරි 08 වනදා සවස 03ට කොහුවල මං සන්ධියෙන් යහපාලන ගමන් මගට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ ,
දැන් ඉතාම පැහැදිළි වෙන්නේ ජනතාව දීපු වරමට පයින් ගහලා අලූත් ව්‍යවස්ථාවෙන් සියලූ ප‍්‍රශ්නවලට උත්තර හම්බ වෙන බව පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ජනතාව මුළා කිරීමක්. අලූත් ව්‍යවස්ථාවක් හැදීම කළ යුතු දෙයක්, ඒ ව්‍යවස්ථාවේදී විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. නමුත් ව්‍යවස්ථාවකින් ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා කියන තැනකට පටු කරලා ප‍්‍රශ්න කල් දැමීම කරන්න, ඇත්ත ප‍්‍රශ්නය යට ගැසීමට උත්සාහයක් තමයි මේ තියෙන්නේ.
ඒ නිසා අපි පැහැදිළිව ආණ්ඩුවට බල කරන්නේ මේ රටේ දේශපාලනයේ පාදඩකරණයට එරෙහිව එදා නැගුණු ජනවරම හරියට තේරුම් අරගෙන ඒ අරමුණ ඉටුකරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. පාදඩකරණය වෙනුවට සැබෑ යහපාලනය ඉල්ලා සිටි ජනවරමට ගරු කරන්න කියන බල කිරීම අපි කරනවා. අන්න ඒ බල කිරීම සඳහා දැවැන්ත ජනතා උද්ඝෝෂණ රැලියක් මේ මාසේ 08 වැනිදා නුගේගොඩදී පවත්වනවා.
ඒ සඳහා උද්ඝෝෂණ පා ගමන 08වැනිදා සවස 03ට කොහුවල මං සන්ධියෙන් ආරම්භ කරනවා. මේ ආණ්ඩුව බලයට පත් කරන්න කි‍්‍රයා කළ සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, ඇතුළු විවිධාකාර බලවේග එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් මේ රැලිය පවත්වනවා.
පාදඩකරණයට එරෙහි වුණු සැබෑ යහ පාලනය බලාපොරොත්තු වූ සියලූ ජනතාවට අපි ආරාධනා කරනවා 08වැනිදා පවත්වන උද්ඝෝෂණ පා ගමනට සහ රැලියට එකතු වෙන්න කියලා. පක්‍ෂ භේදයකින් තොරව සියලූ දෙනාට අපි ආරාධනා කරන්නේ ජන වරමට පයින් ගහලා මේ ආණ්ඩුව යන ගමන ආපස්සට හරවන්න එකතු වෙන්න කියලයි.
Monday, January 4, 2016
මෛත්‍රි -රනිල්ට දුම් පිටවෙයි ! ජනවාරි 08 ආණ්ඩුවට එරෙහිව මහා විරෝධතාවයක් !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment