පසුගිය මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ එජනිස සියලු මන්ත්‍රීවරුන්ට එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා දීමට සන්ධානය තුළ පොදු එකඟතාවක් තිබෙන බව ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
නමුත් මැතිවරණ කමිටුවට යම් වෙනසක් කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය. ඊයේ (04) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එම සාකච්ඡාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු කොන්ග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානයේ පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් පැමිණ ඇත.
ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩල සියල්ල අවසන් කර ඇති බවත් ඊලඟට සන්ධානයේ අනෙකුත් පක්ෂවලට වෙන් කරන ප්‍රමාණය තෝරා ගැනීම බවත් ශ්‍රීලනිප මහ ලේකම් පෙන්වා දුන්නේය.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:
Post a Comment