හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
ඒ පිළිබඳ අද(03) පැවති ශ්‍රීලනිප සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර මහමැතිවරණයට තරග කරන්නේ කුමන පක්‍ෂයකින් දැයි අවසන් තීරණය අද (03) සවස 4.00 ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසී ය.
ඒ අනුව අද පස්වරු 4.00ට නාරාහේන්පිට අභයාරාමයේදී එම මාධ්‍ය හමුව පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහභාගී වීමට නියමිතය.
Asian Mirror

No comments:
Post a Comment