මහින්ද හෝ රාජපක්‍ෂ පරපුරම ආවත් රනිල්ට විශිෂ්ට ජයක්‌ - අකිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

මහින්ද හෝ රාජපක්‍ෂ පරපුරම ආවත් රනිල්ට විශිෂ්ට ජයක්‌ - අකිල

ඉදිරි මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ රාජපක්‍ෂ පරපුරම ඉදිරිපත් වුවද එම මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධුරයට පත් වන බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා පවසයි. 

වසර 20 ක්‌ පුරා රට බංකොලොත් කළ නායකයකු හට නැවත බලය ලබාදීමට රටේ ජනතාව කිසි ලෙසකින්වත් සූදානම් නැති බවත් එබැවින් හිටපු ජනාධිපතිවරයා තනිවම හෝ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුවද එක්‌සත් ජාතික පක්‍ෂයට කිසිදු ගැටලුවක්‌ නැති බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ නමැති ගස කපා බිඳ දැමුව බවත් ඉදිරි මහ මැතිවරණයෙන් එම ගසේ ඉතිරි මුල් ටිකද ගලවා දමන බවත් අමාත්‍යවරයා සඳහන් ක‍ළේය. ඉදිරියේ පිහිටුවන එක්‌සත් ජාතික පක්‍ෂ නව පාලනය තුළින් නව රැකියා බිහි කිරීම ඇතුළු රටේ සංවර්ධන ක්‍රියාදාමය පෙරට වඩා ශක්‌තිමත්ව ඉදිරියට ගෙන යන බවද කාරියවසම් මහතා  වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad