මිනිස් බලයෙන් දුවන සතුටු උයන (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

මිනිස් බලයෙන් දුවන සතුටු උයන (PHOTOS)

ලෝකයේ බොහෝ රටවල ඇති සතුටු උයන්වල ඇති කතුරු ඔන්චිල්ලා, කැරකෙන පිරිසි , සහ තවත් විනෝදය ගෙදෙන යන්ත්‍ර බොහොමයක් ක්‍රියාකරන්නේ විදුලි බලයෙනි.

කෙසේවුවද, ඉතාලියේ වෙනිස් නගරයේ ඇති Ai Pioppi සතුටු උයන මේ ක්‍රියාකාරකම් සදහා යොදාගෙන ඇත්තේ මිනිස් ශක්තියයි. එහි ක්‍රීඩා කිරීමට පැමිණෙන අය ලබාදෙන ශක්තිය අනුව මේ යන්ත්‍ර ක්‍රියාත්මක වේ.

මෙහි නිමැවුම්කරු බෘනෝ Bruno නැමැත්තෙකි. බෘනෝට මෙය ඉදිකිරීමට වසර 40ක කාලයක් ගිය බව පැවසේ. මේ සතුටු උයන මිනිස් බලයෙන් ක්‍රියාත්මක වනවා යන්නෙන් අදහස්වන්නේ එහි ඇති යන්ත්‍ර බොහොමයක් එහි ක්‍රීඩා කිරීමට පැමිණෙන්නන්ගේ චාලක ශක්තිය මගින් ක්‍රියාත්මක වීම නිසාය.

කෙසේවුවද මෙහි යන්ත්‍ර ක්‍රියා කිරීම ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු බවටද මතයක් ඇත. ඒ උද්‍යානයේ ඇති බොහෝ දේ ලෝහ වලින් නිර්මාණය කර ඇති අතර මේ යන්ත්‍රමගින් අනතුරු ඇතිවීමේ අවදානමකුත් ඇති නිසාය.

මේ උයන සතියේ දිනයන්හිදීත් වැසි සහිත දිනයන්හීදීත් වසා දැමෙන බවද වාර්තා වේ.










No comments:

Post a Comment

Post Bottom Ad