ශ්‍රීලනිප මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එරෙහිව ද මූල්‍ය අපරාධ විමර්ශනයක් ආරම්භ වී ඇත.
කුරුණෑගල පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරිඋල්ල ප්‍රදේශයේ ගංවතුරින් අවතැන්වූ පවුල් 2300ක් සඳහා රුපියල් 2500ක් වටිනා වියළි සලාක ආහාර මල්ලක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මුදල් ලබාගෙන භාණ්ඩ මිලදීගෙන ඇතත් එම භාණ්ඩ සහනාධාර ජනතාවට ලබා නොදීමෙන් මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දන්වා සිටියේය.
රුපියල් 6,146,110ක මුදලක් සහනාධාර බෙදාදීමට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන ඇති බවත් ඒ අනුව ලංකා සතොස පන්නල ශාඛාවෙන් 2014 දෙසැම්බර් 28 දින භාණ්ඩ මිලදීගෙන ඇති බවත් අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කළේය.
පොන්නි සම්බා සහල්, බී ලූනු, සැමන් , පරිප්පු ඇතුළු භාණ්ඩ තොගය ආර්. ජේ. ඒ කුමාර යන අයට පන්නල ශාඛාවෙන් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වුවත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්, අපදා කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ තොරතුරුවලට අදාළව එවැනි ආහාර මල්ලක් එම ජනතාවට බෙදා දී නොමැති බව කරුණු අනාවරණය වී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා හිටපු සභාපති එස්. අමරසේකර මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මුදල් වෙන්කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ගංවතුර සහනාධාර ලබාදීමට ලබාගත් මුදල් වෙනත් කටයුත්තක යොදවමින් රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බවත් ඉදිරියේ දී විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු වාර්තා කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ පැමිණිලි විභාගය සිදු කළේය. විමර්ශන ප්‍රගතිය ජුනි 27 දින ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Saturday, May 16, 2015
අනුරයාපට එරෙහිවත් FCID විමර්ශනයක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment