නුවරඑළිය පොලීසියට උඩින් දේශපාලන හස්තයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 16, 2015

නුවරඑළිය පොලීසියට උඩින් දේශපාලන හස්තයක්

නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මිනීමැරුම්වලට සම්බන්ධ ඔහුගේ සමීප ආධාරකරුවන් බේරාගැනීමේ උත්සාහයක් පවතින බවත්, මෙලෙස පොලීසිය අදාළ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ දරන්නේ එම නිසාය යන සැකය මතු වන බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

රාගල පැරණි බස් නැවතුම්පොළ අසල පිහිටි කඩයක සේවය කළ 32 හැවිරිදි සත්‍යශීලන් කේදීෂ්වරන් මෙලෙස ඝාතනය කර හල්ග‍්‍රන් ඔයට දමා තිබියදී පසුගිය මාර්තු 03වැනිදා සොයාගත් අතර, මේ පිළිබදව නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සදහන් වන්නේ කේදීෂ්වරන්ගේ සිරුරේ අධික ලෙස එතනෝල් අඩංගු වී තිබූ බවයි.

ඊට පෙර දින රාත‍්‍රියේ එතනෝල් ව්‍යාපාර හා සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකු සමග මෙම පුද්ගලයා මත්පැන් පානය කරන අයුරුත්, යම් බහින්බස් වීමක් සහ පොර බැදීමක් සිදු වන අයුරුත් ප‍්‍රදේශවාසීන් දැක ඇත.

මෙලෙස අදාළ මිනීමැරුම සම්බන්ධයෙන් සැක කළහැකි කරුණු රැසක් තිබියදී පොලිස් ඇප මත සැකකරුවන් නිදහස් කිරීම ගැටලූ සහගත බවද පවසන ප‍්‍රදේශවාසීන්, මීට පෙර කපා කොටා වාහනයකට යට කර ඝාතනය කෙරුණු ශාන්ති කුමාර්ගේ මරණය සහ මෙම මිනීමැරුම අතර යම් සම්බන්ධයක් ඇති බවටද සැක පහළ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාගල පොලීසියේ ඉහළ නිලධාරියකු සදහන් කළේ මෙම ඝාතන සිද්ධිවලට අදාළ පරීක්ෂණ විධිමත් පරිදි සිදු වන බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් පවසන අදහස් සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad