මෑත භාගයේ නිෂ්පාදනය කරන්නට යෙදුණු අති දැවැන්ත හින්දි සිනමා පටයක් වන ‘බොම්බේ වෙල්වට්’ (Bombay Velvet) දැන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව උදාවී ඇත.
මේ සිනමා පටය අපට වැදගත් වන සුවිශේෂී හේතුව එම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරනු ලැබුවේ ලංකාවේ වීම නිසාය. එහි 80% ක පමණ දර්ශන රූගත කිරීම් සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේදී ය.රන්මිහිතැන්නේ ඉදිවුණු සුවිශාල පසුතල පමණක් නොව කොළඹ, ගාල්ල, බෙන්තොට වැනි ප්‍රදේශවලත් මෙහි රූගත කිරීම් සිදු කොට ඇත.
‘බොම්බේ වෙල්වට්’ හි ලංකාවේ රූගත කළ දර්ශනවල දර්ශන තල හදනු ලැබුවේ ලංකාවේ සමාගමක් වන ද ෆිල්ම් ටීම් (The film team) සමාගමය. ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී ප්‍රමුඛ පිරිසක් මේ සමාගමේ හවුල් කරුවෝ වෙති.
ඉන්දියානු රුපියල් කෝටි 100 ක් මේ නිර්මාණයට වියදම්කර තිබේ.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ සමනිෂ්පාදකවරයා වූ අනුරාග් කාශ්‍යප්ට එය නිෂ්පාදනයට අවශ්‍ය 1950 ගණන්වල බොම්බායේවීදි දර්ශන ඉන්දියාව තුළින් සොයාගැනීම අපහසුවීම නිසා ඔහු ලංකාව වෙත හැරුණු බව පැවසේ.
ලංකාවේදී රූගත කරන ලද දර්ශන ඇතුළත් දීපා මෙහෙතාගේ ‘වෝටර්’ සහ ‘මිඩ් නයිට් චිල්රන්ඩ්’ යන චිත්‍රපට ද්විත්වය නැරඹීමෙන් එහි අඩංගු වූ වීදි දර්ශනවල හැඩය ඔහුට එම සිනමාපටය ලංකාවේ නිර්මාණය කිරීමට අවශ්‍ය උත්තේජනය දුන් බවද වාර්තා වේ.
1950 දශකයේ බොම්බායේ තිබුණු ට්‍රෑම් කාර් ධාවනය වන වීදි එරල් කෙලී පසුතල නිර්මාණ ශිල්පියාගේ අධීක්ෂණය යටතේ මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් ඉදි වී ඇත.
මෙම ඉදිකිරීම් සඳහා මාස 10 - 12 වැනි කාල සීමාවක් ගත වී ඇති අතර ඒ සඳහා ශිල්පීන් 200 ට අධික ප්‍රමාණයකගේ දායකත්වය ලබා ගෙන ඇත.
‘බොම්බේ වෙල්වට්’ සඳහා රන්බීර් කපූර්, අනුශ්කා ශර්මා, කරන් ජොහාර් ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති.
සිනමා පටයේ රූගත කිරීම් ලංකාවේ කළ හේතුව.
Saturday, May 16, 2015
ලංකාවෙ හැදූ හින්දි බයිස්කෝප්එක දැන් අපේ තිරේ
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment