මහින්ද අනුරාධපුරයෙන් වැඩ අරඹයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 16, 2015

මහින්ද අනුරාධපුරයෙන් වැඩ අරඹයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අනුරාධපුරයේ ශ‍්‍රී මහා බෝධිය අසලින් මෙලෙස ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙස උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් මහතාට හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයින් විසින් දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ පිළිබදව අප කළ විමසීමකදී පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම අනිවාර්ය බවත්, එම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල පුළුල් සාකච්ඡුා පැවැත්වෙන බවත්ය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා නොදෙන්නේ නම් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබදව විමසීමේදී මන්ත‍්‍රීවරයා සදහන් කළේ ඊට අදාළ විසදුම් තම කණ්ඩායම සතුව පවතින බවත්, ඒවා අවශ්‍ය අවස්ථාවේදී එළියට දමන බවත්ය.

(පරාක‍්‍රම දිසානායක)

No comments:

Post a Comment

Post Bottom Ad