ගේ එක්කම ළඳ ගන්න කෙනෙක් සෙට්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 16, 2015

ගේ එක්කම ළඳ ගන්න කෙනෙක් සෙට්වෙයි

ලංසුව ඇරඹුනේ ඩොලර් 76,500කිනි. සිය නිවස හා සිය අතද ලබා දීමට කැමත්ත පළ කළ ඉන්දුනීසියානු කාන්තාවක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය කාලයේදී අන්තර්ජාලය පුරාවට පැතිර ගිය අන්දම මතක ඇති.

ඇගේ බලාපොරොත්තු මේ වන විට සඵල වී ඇතැයි වාර්තා වේ.ඔහුගේ නම රෙඩී එකෝ. එයාත් බිරිඳක් සොයනවා, යැයි වීනා ලියා යන මෙම කාන්තාව පවසයි. වීනා ලියා (Wina Lia) නැමැති මේ කාන්තාව වැන්දඹු රූපලාවන්‍ය ශිල්පිනියකි. රෙඩී ටද ඇයට මෙන් දරුවන් සිටියි.

යෝග්‍යාකර්තා ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස, කාමර දෙකකික්, නාන කාමර දෙකකින්, දැවැන්ත පසුපස මිදුලකින් හා හා මාළු ටැංකියකින් සමන්විතය. රෙඩී ද පවසන්නේ යෝග්‍යාකර්තා ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයකට යන සිය දරුවන් දෙදෙනා හා සමීප ව වෙසීමට තමාද එම ප්‍රදේශය කරා යාමට සැරසෙන බවයි.

වීනා සමග වුවත් එසේ නොවුනත් තමා ඉදිරියේදී එම ප්‍රදේශයේ ජීවත් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. දිනපතා දුරකතනය ඔස්සේ කතාබස් කර තොරතුරු හුවමාරු කරගත්තද රෙඩී හා වීනා තවමත් හමුවී නැත.

ලබන මාසයේදී මක්කම වන්දනාවේ යාමට අදහස් කර සිටින බවත්, සියල්ල සුබ අතට සිදුවුවහොත් ලබන මාසයේදී දෙදෙනා විවාහ වනු ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

(ටයිම් වෙබ් අඩවිය ඇසුරෙනි)

සබැඳි පුවත්

ගෙයක් එක්ක ළදක් නොමිලේ විකිණීමට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad