තමා ඉදිරි මහ මැතිවරණයෙදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කුරුණෑගල කොළඹගම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් පසුගියදා බැහැ දුටු අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇතැයි ප‍්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාගැනීම වුවත් තවදුරටත් එය ඉටු නොවන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප පිලක් ලෙසින් හෝ දේශපාලන සන්ධානයකින් ඉදිරිපත් වන බව මෙහිදී අනාවරණය කෙරිණි.
මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බවට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හිමිවරුන් කිහිප නමක්ම ප‍්‍රකාශ කර ඇති බවද හෙළිවේ.
මේ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට මහතාගෙන් කරනු ලැබූ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් දන්නා තරමින් රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කිරීම ගැන නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි.
(රන්දිව)
Sunday, May 17, 2015
මහින්ද කුරුණෑගලට පනී !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment