මහින්දගේ දුර්වලකම් ගැන ඇමති එස්.බී හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

මහින්දගේ දුර්වලකම් ගැන ඇමති එස්.බී හෙළි කරයි

වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් ලබාගැනීම සතුටින් කළ දෙයක් නොවන බවත් විපක්ෂයේ සිට කටයුතු කිරීමට වැඩි කැමැත්තෙන් පසුවුවත්, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍ය ධුරය ලබාගත් බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන් මහනුවරදී ඊයේ (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජීනිවා ප්‍රශ්නය මේ තැනට තල්ලු වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලතා නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
"ජිනීවා ප්‍රශ්නය එතනට තල්ලු වුණේ හිටපු ජනපතිතුමාගේ දුර්වලකම් නිසා. යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ අපි ඉන්දියාව තරහා කර ගත්තා.මුළු යුරෝපයම අපිත් එක්ක තරග වුණා. 

මේ නිසා ඒ ප්‍රශ්ණය ඉතාම අවුල් සහගත තැනකට ගියා.  හැබැයි ජිනීවා යෝජනාව අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙස අරගෙන ඒක අපිට විසඳගන්න ඉඩ දෙන්න කියලා කියන්න වත්මන් ජනපතිතුමාට මේ ප්‍රධාන පක්ෂ දෙකේ එයාගේ ආණ්ඩුව තුළින් ලැබීම තීරණාත්මක වාසියක්." යැයි පැවැසීය.

සන්ධානයවත් පක්ෂයවත් ඒ මතයේ නොසිටිය බවත් යුද ජයග්‍රහණයේ වැඩි වාසිය උතුරේ ජනතාවට ලැබුණද ඔවුන් දිනා ගැනීමට කටයුතු නොකළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

මැතිවරණ ක්‍රම සංශෝධනය සිදුකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට දැඩි අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad