හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ් වත්කම් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට සූදානම් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.
මාතර ප්‍රදේශයේ ඊයේ (16) පැවති රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔහු එවා ඇති එන්තරවාසිය මේ වනවිට තමන්ට ලැබී ඇති බවයි. එය සතුටින් භාරගෙන හිටපු ජනාධිපතිවරයා අධිකරණයේදී මුණ ගැසීමට තමන් ඉතා උනන්දුවෙන් සිටින බව ද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
බුද්ධි අංශවලින් ලැබී ඇති වාර්තාවන්ට අනුව රාජපක්ෂ පවුලේ වත්කම ඩොලර් බිලියන 18 ක් බව පසුගිය 07දා පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
එම චෝදනාව මගින් තම කීර්තිනාමයට හානි වූ බව පවසමින් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එන්තරවාසියක් යැවීමට කටයුතු කර තිබිණ.
එමඟින් හිටපු ජනාධිපතිවරයා දන්වා සිටියේ අදාළ වන්දි මුදල දින 21 ක් තුළ ගෙවීමට අපොහොසත් වුවහොත් නෛතික පියවර ගන්නා බවයි.
Sunday, May 17, 2015
මහින්දව උසාවියේදී හමුවීමට මංගල සූදානම් (වීඩියෝ)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment