හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ දිනවල වැඩි වශයෙන් ආරාධනා ලැබෙන්නේ පිංකම් පොළවල් හා විවාහ මගුල් සදහා බව වාර්තා වේ.
නැකත් දිනයක් වූ පසුගිය බ්‍රහස්පතින්දා ඔහුට විවාහ 09ක සාක්ෂියට අත්සන් කිරීමට ආරාධනා ලැබී තිබූ බව පැවසේ. මේ අතර, මාධ්‍යට සම්බන්ධ කලා කාරයකුගේ පුතෙක්ගෙ ගල්කිස්ස හෝටලයේ පැවැති විවාහයක සාක්ෂියක් සදහා ද අත්සන් කිරීමට තිබී ඇත.
එම විවාහය අත්සන් කිරීමේ නැකතට විනාඩි 10කට කලින් හිටපු ජනපතිවරයාට කොළඹ පැවැති විවාහයක සාක්ෂිකරු ලෙසද අත්සන් කිරීමට යෙදී තිබී ඇත.
විනාඩි 10කින් කොළඹ සිට ගල්කිස්සට යා නොහැකි නිසා හිටපු ජනපතිවරයා අදාල මාධ්‍යට සම්බන්ධ කලාකරුවාට තමාට නැකත් වෙලාවට පැමිණීමට නොහැකි බැවින් වෙනත් අයෙකු පුතාගේ විවාහයේ සාක්ෂිකරු කරගන්නයි දන්වා ඇත.
කෙසේවුවද එම කලාකරුවා හිටපු ජනපතිවරයාට අඩමින් පවසා ඇත්තේ ඔහු නාවොත් පුතාගේ මගුලට පෙර තමාගේ අවමගුල කිරීමට සිදුවන බවයි. ඒ හිටපු ජනපතිවරයා නාවොත් තමා වහ බොන නිසා බවයි. මේ කතාව කන වැකුණු විගස හිටපු ජනපතිවරයා පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තමාට නැකතට පෙර එන්නට නොහැකිවන නිසා අදාල තීරණය ගත් බවයි.
කලාකරුවා කියා ඇත්තේ “නැකත යකාට ගියදෙන්, සර් කීයට හරි එනකන් බලා මම ඉන්නවා, ඔහේ නාවොත් කිව්ව හේ මම වහ බොනවා ” යනුවෙන් බව වාර්තා වේ.
Sunday, May 17, 2015
මහින්ද නිසා මගුලක් අවමගුලක් වෙන්න ගිහින්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment