ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන ගන ගැනීමේ සටනට මේවන විට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.
ඒ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, හිටපු දියවඩන නිලමෙවරයකු වන නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජේරත්න හා බස්නායක නිලමෙවරයකු වන ගයාන් හීන්කෙන්ද යන තිදෙනාය.
දළදා මාලිගාවට දියවඩන නිලමෙවරයකු පත්කරනු ලබන්නේ වසර 10කට වරකි. දැනට සිටින දියවඩන නිලමේ නිලංග දෑලගේ නිල කාලය ලබන ජූලි 04 වැනිදායින් අවසන් වේ.
එසේ නිල කාලය අවසන්වීමෙන් පසුව මල්වතු අස්ගිරි මහනාහිමියන්ගේ එකගතාවයෙන් බෞද්ධ කටයුතු ලේකම්වරයාගේ අනුමැතිය යටතේ ඒ සදහා දියවඩන නිලමේවරයකු පත්කර ගනියි. තුන් මසක් ඇතුළතදී මේ සදහා නිලවරණයක් පැවැත්විය යුතුබව පැවසේ.
Sunday, May 17, 2015
මාලිගාවේ නිලමෙවෙන්න 3ක් ගැටෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment